Cross Trainer යන්ත්‍ර භාවිත කිරීමේ වාසි 10ක්
Covid-19 වසංගත අවස්ථාවන්හි දුෂ්කරතා අතරතුර පවා, මිනිසුන් නිරෝගී ව සිටීම ට සහ ශරීරයේ හැඩය තමන්ට හැකි පරිදි පරිපූර්ණ ව තබා ගැනීමට ඉතා උද්යෝගිමත් සහ නො පසුබට උත්සාහයක් දරයි. කාර්යබහුල කොළඹ නගරයේ ඔබ ව්‍යායාම මධ්‍යස්ථානයක් වෙත ගොස් ව්‍යායාම කිරීමේ දී Cross Trainer යන්ත්‍රයක් මගින් ව්‍යායාම කිරීමට හැකි වන්නේ ඉතා සීමිත කාලයක් විය හැකි ය. එ මෙන් ම සීමිත යන්ත්‍ර ප්‍රමාණය සහ ව්‍යායාම මධ්‍යස්ථානයේ තදබදයන් නිසා Cross Trainer උපකරණයක් භාවිත කිරීමට ඔබේ වාරය එන තෙක් රැඳී සිටීමට ද සිදු විය හැකි ය. ඔබේ නිවසට ම Cross Trainer යන්ත්‍රයක් මිල දී ගැනීම අවශ්‍ය වන්නේ එවිට ය.
කොළඹ පමණක් නො ව, බස්නාහිර පළාත පුරා සහ ශ්‍රී ලංකාව පුරා පිහිටා ඇති අනෙකුත් ඉහළ පෙළේ ව්‍යායාම් මධ්‍යස්ථානවල, Cross Trainer යන්ත්‍ර Cardio ව්‍යායාම යන්ත්‍ර අතරින් වඩා වැඩි ඉල්ලුමක් පවතී. එය නිවසේ දී භාවිත කල හැකි Cross Trainer උපකරණ සඳහා ද ඉහළ ම තේරීමකි. Cross Trainer යන්ත්‍ර එ තරම් ජනප්‍රිය වීම ට හේතුව කුමක් ද? Cross Trainer යන්ත්‍රයක් භාවිත කිරීමේ ප්රතිලාභ මොනවා ද? සහ කොළඹ සහ ඒ ආසන්නයේ ඇති හොඳ ම Cross Trainer යන්ත්‍ර සහ ඒවායේ මිල ගණන් පිලිබඳ ව, මෙම ලිපියෙන් විමසා බලමු.
Cross Trainer යන්ත්‍රයක් භාවිතා කිරීමේ ඉහළ ම ප්රතිලාභ 10ක්
1. ශරීරයේ මේදය දහනය කිරීම

එහි අධික කැලරි දහනය කිරීමේ හැකියාව නිසා, Cross Trainer යන්ත්‍ර මගින් ඔබ ට ශරීරයේ මේදය දහනය කර ගැනීමට සහ කෙටි කාලයක් තුළ ඔබේ මාංශ පේශි හැඩගස්වා ගැනීම ට උපකාරී වේ. මේදය දහනය කිරීමේ සම්පූර්ණ විභවය භාවිතා කිරීම සඳහා, ඔබේ Cross Trainer උපකරණයේ තීව්‍රතාවය කෙරෙහි ඔබේ අවධානය යොමු කළ යුතු ය.
2. කැලරි (calories) දහනය කිරීම

කෙටි කාලයක් තුළ ඔබේ කැලරි දහනය කර දැමීමට ක්‍රමයක් සොයන්නේ නම්, මෙ ම cross trainer යන්ත්‍ර මත ධාවනය නිර්දේශ කල හැකි ය. ඔබේ බර අනුව, මෙම Cardio යන්ත්‍රය සාමාන්‍යයෙන් කැලරි 400 ක් දක්වා දහනය කිරීමට සමත් වේ (පැය භාගයක කාලය තුළ).
3. ඔබේ කායික ශක්තිය උපරිම කිරීම

Cross Trainer යන්ත්‍ර මගින් ඔබ ට හොඳ aerobic ව්‍යායාමයන් ලබා ගැනීමට ඉඩ සලසයි, එමගින් ඔබේ හදවත, පෙනහළු සහ මාංශ පේශි ශක්තිමත් කළ හැකි ය. මෙය, ඔබේ දරාගැනීමේ ශක්තිය ගොඩනැගීමට උපකාරී වේ. එය ඔබේ ශක්තියට සහ හදවතට සෘජු ව ම බලපාන බැවින් වසංගත තත්ත්වයන් තුළ ඔබේ ශක්තිය උපරිම කර ගැනීමේ වේගවත් ම සහ විශ්වාසදායක ම ක්‍රමවලින් එකක් ලෙස හඳුන්වා දිය හැකි ය.
4. බර අඩු වීම වේගවත් කිරීම

2021 නිරෝධායන දිනවල දී, ශරීරයේ බර සහ මේදය වැඩි වීම මේ දිනවල වඩා වැඩියෙන් කතාබහ ට ලක්වන තේමාවක් වී ඇත. එය කාර්යබහුල කොළඹ නගරයේ පමණක් නො ව සමස්ත ශ්‍රී ලංකාවේ ම සාමාන්‍ය සිදුවීමකි. අපේක්ෂා කළ පරිදි, ඔබේ බර අඩු කර ගැනීමේ වැඩසටහන වේගවත් කිරීම සඳහා Cross Trainer යන්ත්‍ර විශාල ලෙස උපකාරී වනු ඇත.
5. ඔබේ හෘද ධාරිතාව උපරිම කිරීම

Cardio ලෙස ද, හැඳින්වෙන Aerobic ව්‍යායාම සමබර ව්‍යායාමයන් හි ප්‍රධාන කොටසකි. Covid-19 රෝගය, අප ගේ හදවත සහ පෙනහළු සමග සෘජු ව ම සම්බන්ධ වන මෙ වැනි වසංගත තත්වයක් තුළ එය විශේෂයෙන් වැදගත් වේ. ඔබ aerobic ව්‍යායාම කරන විට, ඔබේ හෘදය සහ පෙනහළු ඔබේ මාංශ පේශිවල ට වැඩි රුධිරය හා ඔක්සිජන් වැඩි ප්‍රමාණයක් සැපයීම සඳහා වෙහෙස වේ. එය ඔබ ගේ හෘද ධාරිතාව උපරිම කිරීමට උපකාරී වේ.
6. ඔබේ සන්ධිවල ආතතිය සීමා කිරීම

Cross Trainer උපකරණයක් මගින් ව්‍යායාම කිරීමේ දී ඔබේ පාද කිසිවිටෙකත් පැඩලයෙන් ඉවත ට නො යන බැවින්, කොළඹ නගරයේ අධික ජනාකීර්ණ ප්‍රදේශයක ජීවත් වන අයෙකු ට වඩාත් සුදුසු, අඩු බලපෑමක් ඇති ආකාරයේ Cardio ව්‍යායාමයක් කිරීමට මෙ මගින් ඉඩ සලසයි. ඔබේ දණහිස්, වළලුකර, උකුල් සහ අනෙකුත් සන්ධි වෙත ඇති කරන ආතතිය අඩු කරයි.
7. කායික ව ශක්තිමත් වීම

Cross Trainer යන්ත්‍ර සම්බන්ධයෙන් ගත් කල, එය ඔබේ පාදයේ මාංශ පේශි, ශරීරයේ ඉහළ ප්‍රදේශය, උදරය, හදවත සහ පෙනහළු තුළ මාංශපේශී ශක්තිමත් කිරීමට උපයෝගී වේ. ප්‍රතිරෝධක පුහුණුව (Resistance training) බොහෝ විට ඔබේ මාංශ පේශි ශක්තිමත් කිරීම සඳහා තෝරා ගන්නා හොඳ ව්‍යායාමයක් වන අතර, Cross Trainer භාවිත කිරීම විශිෂ්ට විකල්පයකි.
8. සිරුරේ ඉහළ කොටස සඳහා ව්‍යායාම ලබා දීම

Elliptical යන්ත්‍රයක් යනු ඔබට උසස් තත්ත්වයේ සම්පූර්ණ ව්‍යායාමයක් ලබා දිය හැකි Cardio යන්ත්‍ර කිහිපයෙන් එකකි. එ මගින් ඔබේ සිරුරේ ඉහළ කොටස සඳහා ව්‍යායාම ලබා දීම සිදු කල හැකි ය. ශරීරයේ ඉහල කොටසේ ශක්තිය උපරිම කිරීම සඳහා යතුර වන්නේ ඔබේ බර සහ ප්‍රතිරෝධය ඒකාකාර ව දෑත් ඔස්සේ බෙදා හැරීම යි.
9. සිරුරේ පහල කොටස සඳහා ව්‍යායාම ලබා දීම

Cross Trainer යන්ත්‍රයක් මගින් ඔබට ශරීරයේ පහළ කොටසට ව්‍යායාමය ලබා දීමට උපකාරී වේ. ශරීරයේ පහළ කොටසේ ශක්තිය උපරිම කිරීම සඳහා යතුර වන්නේ ඔබේ බර සහ ප්‍රතිරෝධය ඔබේ දෙපා හරහා ඒකාකාරව බෙදා හැරීමයි. මෙ මගින් ඔබේ glutes, hamstrings, quads, chest, back, biceps, triceps සහ core පේශිවලට ඉතා හොඳ ව්‍යායාමයන් ලබා දිය හැකි වේ.
10. විශේෂිත මාංශ පේශි ඉලක්ක කිරීම

ඔබට Cross Trainer යන්ත්‍රයක් මත පාදයේ පැඩලයේ ප්‍රතිරෝධය සහ ආනතිය යන දෙකම වෙනස් කළ හැකි ය. මෙය සිදු කිරීමෙන්, සිරුරේ ඉහළ සහ පහළ, පෙර අප සාකච්ඡා කළ පරිදි, ඔබේ quads, glutes, hamstrings සහ calves ඇතුළුව ඔබේ ශරීරයේ පහළ මාංශ පේශි ඉලක්ක කර ගත හැකි ය.
ඔබ පාදයේ පැඩලය පහතින් සකස් කළහොත්, ඔබේ quads වෙත ව්‍යායාම සිදුවන බව ඔබට දැනෙන්නට පුළුවන. ඊට අමතර ව, පාදයේ පැඩලය ප්‍රතිලෝම ව යන බැවින්, ඔබට ඔබේ ඉදිරි ගමනේ දිශාව වෙනස් කළ හැකි අතර ඔබේ hamstrings සහ glutes පේශි වෙත එ මගින් වැඩි අවධානයක් යොමු කළ හැකි ය.
Cross Trainer යන්ත්‍රවල මිලගණන්
Eser Marketing International (Pvt) Ltd හි අපි ජාත්‍යන්තර ව පිළිගත් ව්‍යායාම උපකරණ නිෂ්පාදනය කරන සන්නාම යටතේ දැරිය හැකි මිල පරාසයන් සඳහා ,ශ්‍රී ලංකාවේ උසස් ම තත්ත්වයේ Cross Trainer යන්ත්‍ර සපයන්නෙමු.
ගෘහස්ත භාවිතය සඳහා හොඳ ම Cross Trainer (නිවසේ භාවිතය):
වාණිජ භාවිතය සඳහා හොඳ ම Cross Trainers (Elliptical Trainers):
1. WG880 Elliptical Trainer
- වෙළඳ නාමය: BH Fitness
- විස්තරය: Ideal 24 min ව්‍යායාම සංකල්පය සහ BH හි නව HIIT සංකල්පය WG880 Elliptical Trainer උපකරණය භාවිතයේ ඇති විශේෂත්වය යි.
- ව්‍යායාමය අතරතුර උදාසීන ගතියට එරෙහි ව සටන් කිරීමට උදවු කිරීම සඳහා, මෙහි විවිධ ස්ථානවල දෑතින් ග්‍රහණය කිරීමට හැකි පරිදි නිර්මාණය කර ඇත. එ මගින් විවිධ කොටස් අල්ලාගෙන සිටීමෙන්, ඔබේ ව්‍යායාමයේ දී විවිධ මාංශ පේශි සඳහා අවශ්‍ය ව්‍යායාම ලබා දීමට හැකි ය.
2. Vision S60 Elliptical
- වෙළඳ නාමය: Vision Fitness
- විස්තරය: බොහොමයක් Cross Trainer යන්ත්‍ර ඉලිප්සාකාර චලිතය සිදු කිරීමේ හැකියාව සමග පැමිණේ. නමුත් Vision S60 Elliptical චලිතය නැඹුරු කිරීමෙන් ඔබ ව්‍යායාමයේ තීව්‍රතාවය වැඩි කරන අතර ඔබට ශරීරයේ පහල මාංශ පේශි ඉලක්ක කර ව්‍යායාම කිරීමට එය උපකාරී වේ.
3. G930BM SK9300 Elliptical
- වෙළඳ නාමය: BH Fitness
- විස්තරය: පුහුණුව අතරතුර වඩාත් ස්වාභාවික සහ සුවපහසු චලිතයක් ලබා දෙමින් ව්‍යායාම සිදු කිරීමට හැකි වීම G930BM SK9300 Elliptical උපකරණයේ ඇති විශේෂත්වයක් ලෙස සැලකිය හැකි ය. දැඩි ජෛව යාන්ත්‍රික අධ්‍යයනයක් හරහා නිර්මාණය කර ඇති මෙම Cross Trainer නිෂ්පාදනයේ සියලු ම භාවිත චක්‍රය තුළ විශිෂ්ට ප්‍රතිපෝෂණ සපයයි.
අනෙකුත් Cross Trainer යන්ත්‍ර පිලිබඳ විස්තර සඳහා අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න:
READ THIS ARTICLE IN ENGLISH
Leave a Reply