ඔබට 2022 වසරේ දී ආරම්භ කළ හැකි හොඳ ම වයස්ගත වීම අවම කිරීමේ ව්‍යායාම

Back to Blog
වයස්ගත වීම අවම කිරීමේ ව්‍යායාම

ඔබට 2022 වසරේ දී ආරම්භ කළ හැකි හොඳ ම වයස්ගත වීම අවම කිරීමේ ව්‍යායාම

හැඳින්වීම: වයස්ගත වීම අවම කිරීමේ ව්‍යායාම අවශ්‍ය වන්නේ ඇයි?

අප බොහෝ දෙනා සිතුවාට වඩා වැඩි වේගයෙන් වසර අවසන් වෙමින් පවතින අතර, බලාපොරොත්තු සහගත නව වසරක් අප වෙත පැමිණෙමින් තිබේ. අපි වයසට යනවා පමණක් නොව, අපගෙන් ඇතැමෙකුට මානසික ව හා ශාරීරික ව ද, එය දැනෙන්නට පටන් ගෙන ඇතිවා වන්නට පුළුවන. මෙ ම ලිපියේ අපගේ මාතෘකාව මෙය වනු ඇත. වයසට යාම ඕනෑ ම පුද්ගලයෙකු ගේ ජීවිතයේ පවතින ස්වභාවික කරුණකි. ශාරීරික ව පමණක් නො ව මානසික ව ද අප දිනෙන් දින, සෑම මොහොතක් පාසා ම වයසට යමින් ඇත. මෙවැනි ලිපියක් ඔබට වැදගත් විය හැක්කේ එ බැවිනි.

වයස්ගත වීම ආපසු හැරවීමට ව්‍යායාම මගින් කළ හැකි ද?

ඔබට වයසට යාම අවම කර ගත හැකි ක්‍රම කිහිපයක් තිබේ. තවත් අයුරකින් කිවහොත්, ශාරීරික මෙන් ම මානසික ව වයසට යාමේ ක්‍රියාවලිය මන්දගාමී කිරීමේ ක්‍රම කිහිපයක් තිබේ. ඒ අතරින් ව්‍යායාම කිරීම ඔබ ව කායික ව ශක්තිමත් ව තබා ගන්නා බව නො රහසකි.

Aerobic Exercises (Aerobic ව්‍යායාම)

Aerobic exercises

අපගෙන් බොහෝ දෙනෙක් වයසට යත්ම ක්‍රියාශීලී බව අඩු වේ. මේ නිසා හදවතේ සමහර මාංශ පේශි දැඩි වීමට හේතු විය හැකි අතර ක්‍රියාකාරීත්වය අඩු වීමෙන් ශරීරයේ අනෙකුත් අවයවයන්ට සැපයෙන රුධිර ප්‍රමාණය ද සාපේක්ෂ ව අඩු වීම සිදු වේ. ඒ අනුව ගත කල අනෙකුත් අවයවයන් හි මනා ක්‍රියාකාරීත්වයට ද අහිතකර බලපෑම් ඇති වේ. හෘදය සඳහා ව්‍යායාම (cardio), දිවීම, පිහිනීම, ඇවිදීම, කඳු නැගීම, කික් බොක්සිං වැනි Aerobic exercises සාමාන්‍යයෙන් වයසට යාමෙන් හෘදයට සිදුවන හානි අවම කිරීමටත්, ආපසු හැරවීමට උපකාරී වේ.

මීට අමතර ව Aerobic ක්‍රියාකාරකම් මයිටොකොන්ඩ්‍රියා (mitochondrial) හි ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කරයි (මයිටොකොන්ඩ්‍රියා මගින් සෛලවල ශක්තිය නිපදවීම සිදු කෙරේ). එය සාමාන්‍යයෙන් වයස සමඟ අඩු වේ. කාර්යබහුල ඔබට, Aerobic ව්‍යායාම මගින් ශාරීරික යෝග්‍යතාවය ප්‍රමාණවත් තරම් ඉහළ මට්ටමකින් දියුණු කිරීම හැකි වේ. අපගේ වෘත්තීය මට්ටමේ පවතින Aerobic ව්‍යායාම උපකරණ පිලිබඳ තොරතුරු සඳහා පිවිසෙන්න.

Eser Marketing International Aerobic Exercises Products Range

පිහිනීම: මෙය දරාගැනීමේ හැකියාව, මාංශ පේශිවල ශක්තිය සහ හෘද වාහිනීවල යෝග්‍යතාවය ගොඩනගයි. තව ද, නිරෝගී ශරීර බර, නිරෝගී හදවතක් සහ පෙනහළු පවත්වා ගැනීමට ඔබට උපකාර කරයි. පිහිනීමේ දී ඔබේ මාංශ පේශී සියල්ල ම පාහේ භාවිත වන බැවින් ශරීරය පුරා ව්‍යායාමයක් සපයයි.

බයිසිකල් පැදීම: මෙ මගින් වයස්ගත වීම නිසා ඔබගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ඇතිවන යම් යම් දුර්වලතාවලින් ආරක්ෂා වීමේ හැකියාව වැඩි කරයි. ශරීරයේ මේදය සහ කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීමට අවශ්‍ය නම්, මෙය ඔබට උත්සාහ කළ හැකි සරල නමුත් ඉතා ඵලදායී ව්‍යායාමයකි. නිවසේ සිට ම ව්‍යායාම කළ හැකි Exercise Bikes නිෂ්පාදන පිලිබඳ තොරතුරු සහ ඇනවුම් කිරීමට පිවිසෙන්න.

Eser Marketing International Exercise Bikes Products Range

වෙනත් වැදගත් ව්‍යායාම ක්‍රම

Anti-Aging Exercises

ශක්ති පුහුණුව (Strength Training): ඔබට ඔබේ ජාන සැකැස්ම වෙනස් කළ නො හැකි වුව ද, ඇතැම් ජානවල ක්‍රියාකාරීත්වය යම් පමණකට වෙනස් කළ හැකි ය. ව්‍යායාම මගින්, ඔබ තරුණ වියේ දී හැසිරෙන ආකාරයට හැසිරීමට ඔබේ පටක සහ අවයවයන් පුහුණු කළ හැකි ය. සෛලවල ඇති මයිටොකොන්ඩ්‍රියා හි ක්‍රියාකාරීත්වය මේ සඳහා ප්‍රධාන අංගයක් වන අතර, ඔබේ මාංශ පේශි ශක්තිමත් ව තබා ගැනීමට උපකාරී වේ.

මොළය සඳහා ව්‍යායාම: ඔබ ඔබේ ශාරීරික ව්‍යායාම සඳහා, ඔබේ සිරුරේ මැද රේඛාවට ඉහළින් ඔබේ කකුල් සහ අත් හරස් අතට කරන චලනයන් කිහිපයක් ඇතුළත් කරන්න. ඔබ වයසට යන විට ඔබේ මොළයේ දකුණු සහ වම් කොටස් අතර සම්බන්ධය ක්‍රමයන් අඩු වේ. අර්ධගෝල එකිනෙකා සමඟ සන්නිවේදනය කිරීමේ ගැටළු ඇති බැවින් මොළය ප්‍රමාද වීමට හේතු වේ. අත් පා හරස් කිරීම ඔබේ මොළයේ දෙපසට එකිනෙකා සමග සන්නිවේදනය කිරීම වැඩි කරයි. අර්ධගෝල අතර සම්බන්ධතාවය ශක්තිමත් කරයි. වයසට යාම පාලනය කිරීමේ දී කායික සෞඛ්‍ය තරමට ම මානසික සෞඛ්‍යය ද වැදගත් බව අප කලින් සඳහන් කළේ මේ නිසා ය.

ඔබේ මානසික සෞඛ්‍යය වැඩි දියුණු කිරීමට තවත් හොඳ ක්‍රමයක් වන්නේ යෝග අභ්‍යාස යි. මෙය නිශ්චිත ශරීර කොටස් මත නො ව ඔබේ සමස්ත ශරීරයේ ම යහපැවැත්ම මත ක්‍රියා කරයි. යෝග විශේෂඥයින් විශ්වාස කරන්නේ යෝග ඔබට වැඩි කාලයක් තරුණ ව සිටීමට උපකාර වන බවයි. එ මෙන් ම මුහුණේ හා සමේ රැලි ඉවත් කිරීමට උපකාරී වන විශේෂිත යෝග අභ්‍යාසයන් ද තිබේ. යෝග අභ්‍යාස මගින් මානසික ආතතිය ද අඩු කිරීමට උපකාරී වේ. අප ගේ හොඳ ම යෝග ව්‍යායාම සඳහා වන නිෂ්පාදන පෙළ මෙතැනින් බලන්න!

Eser Marketing International Yoga Products Range

සාරාංශය

Can exercise reverse aging

නිතිපතා ව්‍යායාම පුහුණුව මගින් කායික වශයෙන් වයස්ගත වීම අවම කල හැකි ය.

ඔබේ ශාරීරික යෝග්‍යතාවයේ හෝ ජීවන ගමනේ කොතැනක සිටියත්, එය ආරම්භ කිරීමට තවම ප්‍රමාද නැත. ඔබ ඔබේ ශරීරය, මොළය සහ ප්‍රීතියට මුල්තැන දෙන දිනය අද දිනය කරගන්න. 2022 දීප්තිමත් නව වසරේ හෙට ඔබ ඒ ගැන පසුතැවෙන්නේ නැති බව අපි සහතික කරමු!

READ THIS ARTICLE IN ENGLISH

Share this post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to Blog
has been added to your cart.
Checkout