ඔබේ පාදයේ මාංශ පේශි ගොඩනැගීමට හොඳ ම ව්‍යායාම උපකරණ

Back to Blog
පාදයේ මාංශ පේශි ගොඩනැගීමට හොඳ ම ව්‍යායාම උපකරණ

ඔබේ පාදයේ මාංශ පේශි ගොඩනැගීමට හොඳ ම ව්‍යායාම උපකරණ

හැඳින්වීම: පාදයේ මාංශ පේශි ගොඩනැගීමට හොඳ ම ව්‍යායාම උපකරණ

ව්‍යායාම් මධ්‍යස්ථානයක් වෙත යාමේ ඇති ලොකු ම ප්‍රයෝජනය වන්නේ ඔබට ව්‍යායාම කිරීමට උපකාර වන බොහෝ උපකරණ ප්‍රමාණයක් තිබීම නිසා ඒවායින් විවිධ ව්‍යායාම ශරීරයට ලබාදීමට හැකි වීමයි. එවැනි උපකරණ මගින් නිවැරදි ව සිදුකරන ව්‍යායාම මගින් ශරීරයට වන හානි (තුවාල) වීමේ අවදානම ඉතා අඩු වන අතර ඉතා හොඳ ප්‍රගතියක් අත්කර ගත හැකි වනු ඇත. ඔබට ශ්‍රී ලංකාවේ ව්‍යායාම මධ්‍යස්ථානයක දී සොයා ගත හැකි හොඳ ම පාද සඳහා ව්‍යායාම ලබාදෙන යන්ත්‍ර පිළිබඳ විස්තරයක් සහ එය ඔබේ පාදවල (කලවා සහ උකුල් ප්‍රදේශ ද ඇතුලත් ව) මාංශ පේශිවලට ඵලදායී ලෙස ක්‍රියා කරන අයුරු මේ ලිපියෙන් සලකා බලමු.

කලවා, උකුල් සහ කෙණ්ඩ මාංශ පේශි වර්ධනය සඳහා යන්ත්‍ර භාවිතා කරන විට, ඔබේ දෙපා පහල සිට ඉහලට සිරස් ව තබාගෙන සිදුකරන ව්‍යායාම ක්‍රමයන් මෙන් ම තිරස් ව තබාගෙන සිදුකරන ව්‍යායාම මගින් ද ඉතා හොඳ ප්‍රතිඵල අත්කර ගත හැකි වනු ඇත. මේ සඳහා ව්‍යායාම මධ්‍යස්ථානයන් හි බහුල ව දක්නට ලැබෙන Leg Press හා Horizontal Leg Press යන්ත්‍ර මගින් ව්‍යායාම ලබාදීම තුළින් ඔබේ කලවා සහ කෙණ්ඩ මාංශ පේශිවලට එකවර ව්‍යායාම ලබා දිය හැකි අතර එ මගින් ද්විත්ව ප්‍රතිලාභයක් ලබා දෙයි. සාමාන්‍යයෙන්, ඔබ ඔබේ පාද සඳහා ව්‍යායාම ලබා දෙන විට, කෙණ්ඩ මාංශ පේශි සහ කලවා මාංශ පේශි දෙක ම ඉලක්ක කර ගැනීම සඳහා වෙන ම යන්ත්‍ර භාවිතා කළ යුතු ය. කෙසේ වෙතත්, Leg Press යන්ත්‍ර ඉහත සඳහන් කල පරිදි මාංශ පේශි දෙක සඳහා ම ව්‍යායාම ලබා දෙයි. බොහෝ Leg Press යන්ත්‍රවල පාද සඳහා පුවරුවක් ඇති අතර එමගින් කෙණ්ඩ සහ ඔබේ පාද නිසි ස්ථානයක තැබීමට පහසුව සලසයි. ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය සලකා බලන විට, නිවසේ භාවිතය සඳහා වඩාත් පහසු හොඳ ම පාද සඳහා වන ව්‍යායාම යන්ත්‍ර මොනවා දැ යි දැන ගැනීමට වැඩි උනන්දුවක් දක්වයි. එ බැවින් මීළඟට අපි ඒ පිළිබඳ ව සලකා බලමු.

නිවසේ භාවිතයට හොඳ ම පාද සඳහා වන ව්‍යායාම උපකරණ

The Best Exercise Machines to Build Leg Muscle

නිවසේ භාවිතය සඳහා හොඳ ම පාද සඳහා වන ව්‍යායාම උපකරණ මිල දී ගැනීමේ දී පාද සහ කලවා සඳහා පළමු ව ආරක්ෂාව, සුවපහසුව සහ තීව්‍රතාවය සලකා බලන්න.මෙ හි දී Leg Press යන්ත්‍ර විශේෂයෙන් ප්‍රයෝජනවත් යන්ත්‍රයක් වන්නේ එය වෙනත් උපකරණ සමග සැසඳීමේ දී ශරීරයේ කොටස් තුනක් සඳහා ව්‍යායාම සපයන බැවිනි. කලවා සහ කෙණ්ඩ මාංශ පේශිවල ක්‍රියා කරන අනෙකුත් උපාංගවලට වඩා Leg Press යන්ත්‍ර ව්‍යායාම කරන්නන් සඳහා වඩාත් පහසු සහ ආරක්ෂිත වේ. Leg Press යන්ත්‍රය ඔබේ පිටුපස කොටස් ස්ථාවර කිරීමට උපකාරී වන අතර ඔබේ උරහිස් හෝ බෙල්ල මත පීඩනය යෙදීම වළක්වයි.

දැන් අපි, ශ්‍රී ලංකාවේ සොයාගත හැකි පාදවල මාංශ පේශි ගොඩනැගීමට හොඳ ම ව්‍යායාම යන්ත්‍ර පිලිබඳ ව සොයා බලමු.

පාදයේ මාංශ පේශි ගොඩනැගීමට හොඳ ම ව්‍යායාම යන්ත්‍ර

BH Nevada Plus Multigym

මගේ අවධානය දිනාගත් පළමු පාද සඳහා වන ව්‍යායාම යන්ත්‍රය වන්නේ BH Nevada Plus Multigym ය. එ මගින් කායවර්ධනකරුවන් සඳහා සහ ශාරීරික යෝග්‍යතා ව්‍යායාම කරනා ඕනෑ ම අයෙකුට ඉතා හොඳ ව්‍යායාමයක් ලබාගත හැකි වේ. Eser Marketing International හි මෙ ම Home Gym උපකරණය 100kg දක්වා ආතතියකට සහය වන අතර උපකරණයේ කොටස් හැකිලීම (නැවීම) මගින් පහසුවෙන් කුඩා ඉඩ ප්‍රමාණයක් භාවිතයෙන් නිවස තුළ ගබඩා කිරීම සිදු කළ හැකි ය. Eser Marketing International (Pvt) Ltd මගින් ශ්‍රී ලංකාවේ BH Multigym Plus උපකරණය මිල දී අතර, සම්පූර්ණ ශරීරික ව්‍යායාමයක් ලබා දෙයි. 50kg vinyl stack (50kg වයිනයිල් ස්ටැක්) ප්‍රතිරෝධක මට්ටම් 8 කින් 67kg සපයන අතර පරිශීලක බර 130Kg දක්වා සහය දක්වයි. Multigym ඔබේ ශරීරයේ ප්‍රධාන මාංශ පේශි කෙරෙහි අවධානය යොමු කිරීම සඳහා විවිධ ව්‍යායාම ලබා දෙන අතර පාදවල මාංශ පේශි ගොඩනැගීම සඳහා වඩාත් සුදුසු වේ.

G119XA BH Nevada Plus Multigym

Check out this product

තවත් විශිෂ්ට විකල්ප උපකරණයක් ලෙස Leg Press උපකරණය හැඳින්විය හැකි ය. Plate එක සහ එ හි බලයට එරෙහි ව ඔබේ පාද සමග, Plate එක ඔබෙන් ඉවතට තල්ලු කිරීමට ඔබේ පාද දිගු කිරීම සිදුකිරීම හරහා මෙ ම ව්‍යායාමය සිදුකල හැකි ය.

ඔබ squats, deadlifts සහ වෙනත් ප්‍රධාන ව්‍යායාමයන් (සංයෝග චලනයන්) සිදු කළ පසු, Leg Press උපකරණය මගින් ව්‍යායාම කිරීම ඔබේ ශරීරයේ පහළ මාංශ පේශි ගොඩනැගීම සඳහා විශිෂ්ට එකතු කිරීමකි. මෙය සිදු කිරීමෙන්, ඔබ විශාලත ම මාංශ පේශි සඳහා වැඩි ව්‍යායාම ප්‍රමාණයක් එකතු කරයි.

Eser Marketing International – Best Exercise Machines to Build Leg Muscle

ඔබට සරල සහ පහසු ක්‍රමයක් ලෙස උත්සාහ කළ හැකි තවත් විකල්පයක් වනුයේ Squat ක්‍රමවේදය යි. මාංශ පේශි නාභිගත කිරීම වෙනස් කිරීම සඳහා squats විවිධ වෙනස්කම් ඔස්සේ උත්සාහ කළ හැකි ය.

ඔබේ පුහුණු පරිමාව හඳුනාගෙන වඩාත් ඵලදායි ලෙස බර ඉසිලීම වැනි ව්‍යායාම කර, ඉන්පසු නිවැරදි ප්‍රදේශවල වඩාත් නිශ්චිත මාංශ පේශි ඉලක්ක කර ව්‍යායාම ලබා දීමට උපකාරී වන වෙනත් ව්‍යායාම සිදු කරන්න. එයට සුවිශේෂී අනුපිළිවෙලක් නොමැත. එය ඔබගේ ඉලක්ක සහ කැමැත්ත/අකමැත්ත මත රඳා පවතී. නමුත් අලුත් දේවල් උත්සාහ කිරීම සහ විවිධත්වය සඳහා ඉඩ ලබා දීම මගින් ඔබේ ප්‍රවාහය සොයා ගැනීමට උපකාරී වේ. එ මෙන් ම වෙනසක් නොමැතිව ප්‍රගතියක් ලබාගැනීම අපහසු බව මතක තබාගත යුතු ය.

කකුල් සහ කලවා සඳහා හොඳ ම කාඩියෝ සපයන තවත් විශිෂ්ට විකල්පයක් වන්නේ Fitness Bands (යෝග්‍යතා පටි) සහ Resistance Bands (ප්‍රතිරෝධක පටි) ව්‍යායාමයන් ය. ප්‍රතිරෝධක පටි යනු විවිධාකාර ශක්තිය පුහුණු කිරීමේ මෙවලම් වේ. ඒවා සැහැල්ලු සහ අතේ ගෙන යා හැකි ඒවා වන අතර, ශ්‍රී ලංකාවේ විශේෂයෙන්ම කොළඹ බොහෝ ව්‍යායාම් මධ්‍යස්ථානවල සාමාජිකත්වය සඳහා මසකට යන වියදමටත් වඩා වඩා අඩු මුදලක් වැයකොට Exercise Bands ඔබට මිලදී ගත හැකි වේ. Eser Marketing International හි, Exercise Bands එකතුව P90x, Insanity, Crossfit, Beach Body, Yoga, Pilates සහ තවත් බොහෝ ජනප්‍රිය ව්‍යායාම වැඩසටහන් සමග බාධාවකින් තොර ව ඒකාබද්ධ කළ හැකි ය. නැතහොත් සාමාන්‍ය ව්‍යායාම, ශක්තිය පුහුණු කිරීම වැනි වැඩසටහන් සඳහා ඒවා භාවිත කළහැකි ය.

Eser Marketing International Fitness Bands and Resistance Bands Product Range

සාරාංශය

සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ බහුතරයක් දෙනා රැකියාවක දවස පුරා වාඩි වී කාර්යබහුල කාලසටහන් යටතේ තරඟකාරී ව ජීවන චර්යාව පවත්වා ගනිමින් ඇත. එ බැවින් නිතිපතා ව්‍යායාම් මධ්‍යස්ථානයකට යාමට නො හැකි නම්, මෙ ම ඉහළ ඵලදායි Leg Press යන්ත්‍ර ඔබට ක්‍රමයෙන් වඩාත් ශාරීරික ව ක්‍රියාශීලී ජීවන රටාවකට ගමන් කිරීමට ඉඩ සලසනු ඇත. පාදවල මාංශ පේශි ගොඩනැගීමට හොඳ ම ව්‍යායාම උපකරණ පිළිබඳ අපගේ ලිපිය කියවූ ඔබට ස්තූතියි!

Read This Article In Inglish

Share this post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to Blog
has been added to your cart.
Checkout