සිරුරේ හැඩයෙන් ඔබේ ශාරීරික සෞඛ්‍යය පෙන්නුම් කරයි

Back to Blog
Body Shape Is Something That Indicates Your Health

සිරුරේ හැඩයෙන් ඔබේ ශාරීරික සෞඛ්‍යය පෙන්නුම් කරයි

ශරීරය සම්බන්ධයෙන් ගත් කල, එක් එක් අය ගේ ආහාර, ජීවන රටාව සහ ව්‍යායාමයන් වැනි කරුණු මත බොහෝ දේ වෙනස් වේ. එ මෙන් ම පුද්ගලයෙකුගේ සිරුරේ හැඩය සෑම විටම සමස්ත යහපැවැත්මේ හොඳ මිනුමක් නො වේ. නමුත් ශරීරයේ විවිධ කොටස් ආඝාතය, දියවැඩියාව සහ හෘද රෝග වැනි රෝග පිළිබඳ ප්‍රබල පුරෝකථනයක් ලබාගත හැකි ය.

බොහෝ විට ශරීරයේ හැඩය තීරණය වන්නේ ජාන, ජීවන රටාව, ලිංගිකත්වය සහ වයස අනුව ය. සමහර අය අධික ලෙස ආහාර අනුභව කල ද, බර වැඩිවීමක් සිදු නො වේ. නමුත් ඇතැම් අය ගේ අහර හා ජීඅන රටාව අනුව උකුල් අවට හෝ උදරය වටා මේදය ගබඩා වීම සිදු වේ.

බර අනුව ඔබ කෙතරම් සෞඛ්‍ය සම්පන්න ද?

ඔබේ BMI සහ ඉණ මැනීම අනුව ඔබේ බර කෙතරම් සෞඛ්‍ය සම්පන්නද කියා සොයා බලන්න.

BMI (ශරීර ස්කන්ධ දර්ශකය)

BMI

BMI මගින් ඔබේ උස සඳහා ඔබේ බර කෙතරම් දුරට සෞඛ්‍ය සම්පන්න ද යන්න පිලිබඳ ව අන්තර්ජාතික ව පිළිගත් ක්‍රමවේදයකින් සොයාගත හැකි සරල ක්‍රමයකි. ඔබට පහත දැක්වෙන ශරීර ස්කන්ධ දර්ශකය ඇසුරින් ඔබ කොතෙක් දුරට සෞඛ්‍ය සම්පන්න දැ යි ඉතා පහසුවෙන් සොයා ගත හැක. BMI අගය 25 ට වඩා වැඩි නම් එය අධි බරක් (Overweight) ලෙස සැලකේ. කෙසේ වෙතත්, මෙය ජනගහනය අනුව වෙනස් වන බව WHO (ලෝක සෞඛ්‍යය සංවිධානය) ප්‍රකාශ කර ඇත. සෞඛ්‍ය ගැටළු සඳහා BMI සීමාව ආසියානු පුද්ගලයින් අතර 23 සිට 25 දක්වා වෙනස් වේ. එ මෙන් ම ඔබේ බර ගැන ඔබට තවදුරටත් ගැටළු ඇත්නම් ඔබේ වෛද්‍යවරයා සමග කතා කරන්න.

BMI Chart

ඉණ මැනීම

Waist Measurement

ඔබේ සෞඛ්‍ය අවදානම තීරණය කිරීම සඳහා BMI අගය සමග ඉණ වට ප්‍රමාණය සැසඳීම කළ හැකි ය. කාන්තාවන්ගේ නිරෝගී ඉණ ප්‍රමාණය සෙන්ටිමීටර 80 (අඟල් 31.5) වේ. දකුණු ආසියාතික පිරිමි ළමයින් සඳහා, එය සෙන්ටිමීටර 90 (අඟල් 35) හෝ ඊට අඩු ය. අනෙක් අයට, 94cm (37in).

බොහෝ පුද්ගලයන් ඔවුන්ගේ සමස්ත මේද ව්‍යාප්තිය මත පදනම් ව මෙම ශරීර හැඩයන්ගෙන් එකකට ගෙන සලකා බැලිය හැකි ය. වඩාත් ම වැදගත් වන්නේ ඔබේ සෞඛ්‍යය සඳහා ඔබේ ශරීරයේ හැඩය මගින් අදහස් කරන්නේ කුමක්ද සහ සෞඛ්‍ය සම්පන්න වීමට ඔබේ ජීවන රටාව වඩා හොඳින් පවත්වා ගන්නේ කෙ සේ ද යන්න යි.

විවිධ සිරුරු හැඩයන්

Body Types

ඇපල් හැඩැති සිරුර

සෞඛ්‍යයට ඇති තර්ජන

උදරයේ තරබාරුකම වඩාත් අනතුරුදායක වන අතර ඇපල් සිරුරේ ස්වරූපය සෞඛ්‍ය සම්පන්න ලෙස නො සැලකේ. ඉණ විශාල වීම හෘද රෝග ඇතිවීමේ අවදානම වැඩි කරයි. එය දෙවන වර්ගයේ දියවැඩියාව ඇතිවීමේ අවදානම ද, වැඩි කළ හැකි ය. ඔබ ඇපල් ගෙඩියක හැඩැති නමුත් වැඩි බරක් නොමැති නම් (BMI <25), කුඩා ඉණ ඇති පුද්ගලයින්ට වඩා ඔබට හෘද වාහිනී රෝග, පිළිකා සහ දියවැඩියාව වැළඳීමේ වැඩි අවදානමක් පවතී.

උදරයේ මේදය මෙතරම් කරදර ඇති කරන්නේ ඇයි? අනෙකුත් මේදය මෙන් නොව උදරයේ ඇති මේදය අයිස් කුට්ටියකට සමාන යි.

උදරයේ මේදය බොහෝ ගැටලු ඇති කරන්නේ ඇයි ද යන්න විමසා බලමු:

  • එය ඔබේ උදර කුහරය පුරා, අවයව අතර ගැඹුරට වර්ධනය වේ.
  • උදර මේදය පරිවෘත්තීය ක්‍රියාවලියට වැඩි බලපෑමක් ඇති කරයි. එය මේද අම්ල සහ අනෙකුත් සංයෝග අක්මාව අසල ඇති නහරයක් හරහා රුධිරයට මුදා හරියි.
  • මෙය පරිවෘත්තීය ක්‍රියාවලිය සහ අග්න්‍යාශයේ ප්‍රතිදානය අඩුවීමට හේතු විය හැක.
  • එහි ප්‍රතිඵලයක් ලෙස ඔබේ රුධිරයේ සීනි ප්‍රමාණය ඉහළ මට්ටමක පවතින අතර ඔබට දියවැඩියාව වැළඳීමට ඉතා වැඩි අවධානමක් ඇති වේ.
  • එ පමණක් නො ව, මේද සෛල සයිටොකයිනින් (cytokinin) නිදහස් කරන අතර එ මගින් හෘද රෝග ඇති විය හැකි ය.

කටයුතු කල යුතු ආකාරය

පෝෂ්‍යදායී සමබල ආහාර වේලක් සහ නිතිපතා ව්‍යායාම කිරීමෙන් ඔබේ ඉණ ප්‍රදේශය අඩුකර ගන්න. සීනි, පීසා, පාන්, සහල්, සුදු අර්තාපල් සහ බඩ ඉරිඟු රුධිර සීනි වැඩි කිරීමට සහ වැඩි වශයෙන් මේදය ගබඩා කිරීමට හේතු විය හැක ය. වැඩිපුර පලතුරු සහ එළවළු සහ සැමන් වැනි අඩු මේද ප්‍රෝටීන් අනුභව කරන්න. බර අඩු කර ගැනීම සඳහා දිනකට මිනිත්තු 30 ක් සහ උදරීය මාංශ පේශි තද කිරීමට විනාඩි 30 ක් ව්‍යායාම කරන්න.

මේ පිලිබඳ ව දීර්ඝ ලෙස අප පෙර ලිපියකින් ද ඔබ ව දැනුවත් කළෙමු. ලිපිය කියවීම සඳහා පිවිසෙන්න.

පෙයාර්ස් හැඩැති සිරුර

සෞඛ්‍යයට ඇති තර්ජන

පෙයාර්ස් හැඩැති ශරීරයක සෞඛ්‍ය ගැටළු පුළුල් ලෙස අධ්‍යයනය කර ඇත. අධ්‍යයනවලින් හෙළි වී ඇත්තේ උකුල්, කලවා සහ තට්ටම්වල තැන්පත් ව ඇති මේදය මගින් හෘද රෝග ඇතිවීමේ අවදානම යම් මට්ටමකින් අඩු කළ හැකි බව යි. නමුත් නව අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ සිහින් සිරුරක් පවත්වා ගැනීම ඔබේ හදවතට වඩාත් ම හොඳ බව යි. ඔබ අවශ්‍ය මට්ටමට වඩා වැඩිපුර බර නම්, ඔබේ මැද කොටස, පාදය හෝ තට්ටම්වල බර අඩු කර ගැනීම ඔබේ කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීමට උපකාරී වේ.

කටයුතු කල යුතු ආකාරය

ආහාර පාලනය සහ ව්‍යායාම බර අඩු කර ගැනීමේ සාර්ථකත්වයේ යතුර යි. පෙයාර්ස් හැඩැති ශරීරය සඳහා ද, එය එ සේ ම වේ. වැඩි වශයෙන් එළවළු, පලතුරු සහ අඩු මේද ප්‍රෝටීනවලින් සමන්විත සමබල අහර වේල් ලබාගැනීම මෙන් ම නිතිපතා ව්‍යායාම කිරීම මගින් මෙම තත්වයෙන් මිදීමට හැකි වනු ඇත.

Hourglass හැඩති සිරුර

සෞඛ්‍යයට ඇති තර්ජන

ඇපල් ගෙඩියක් හෝ පෙයාර්ස් ගෙඩියක් හැඩැති පුද්ගලයෙකු මෙන් නො ව, මෙම සිරුරේ හැඩයේ බර වැඩිවීම ඒකාකාර ව බෙදී යයි. එයින් ඇඟවෙන්නේ ඔබ නිතිපතා බර කිරා නො ගන්නේ නම් බර වැඩිවීම හඳුනා ගැනීම අභියෝගාත්මක විය හැකි බව යි. මෙ මගින් තරබාරුකම හෘද රෝග ඇතුළු නිදන්ගත රෝග ඇතිවීමේ සම්භාවිතාව ඉහළ නංවයි.

කටයුතු කල යුතු ආකාරය

ඉහළ සහ පහළ ශරීරවල මේදය වර්ධනය විය හැකි බැවින් සම්පූර්ණ ශරීර ව්‍යායාමවල යෙදීම වඩාත් සුදුසු වේ. ඔබේ සිරුරේ හැඩය සහ සෞඛ්‍ය සම්පන්න බරක් පවත්වා ගැනීම සඳහා ඔබට අඩු මේද හා තන්තු සහිත ආහාර වැඩිපුර ගත හැකි ය.

ප්‍රතිලෝම ත්‍රිකෝණ හැඩයේ සිරුර (Inverted Triangle)

සෞඛ්‍යයට ඇති තර්ජන

ඔබට විශාල පපු ප්‍රදේශයක් තිබේ නම්, ඔබේ පියයුරු ප්‍රමාණය සාපේක්ෂ ව විශාල නම්, එ මගින් පියයුරු පිළිකා ඇතිවීමේ අවදානමක් ඇතැ යි ඔබ සිතනවා විය හැකි ය. ඇත්ත වශයෙන් ම, මේ පිලිබඳ සහසම්බන්ධය මෙතෙක් විද්‍යාත්මක ව ඔප්පු කර නැත. ඒ වෙනුවට, ඔබ ඔබේ පියයුරු ඝනත්වය දැන සිටීම වැදගත් වේ. එමනිසා, පියයුරු පිළිකා ඇතිවීමේ අවදානමක් ඇති කරන්නේ පියයුරු ප්‍රමාණය නොවන බව සිහිතබා ගත යුතු කරුණකි. මැමෝග්‍රෑම් පරීක්ෂණයක් මගින් පියයුරු ඝනත්වය තීරණය කළ හැකි ය.

කටයුතු කල යුතු ආකාරය

ඔබේ පහළ ශරීරය ගොඩනගන ව්‍යායාම, එනම් squats, lunges, සහ leg lifts වැනි ව්‍යායාම, ඔබට පපුවට පහළින් සිහින් පෙනුමක් ලබා ගැනීමට උපකාරී වේ. අධික බර හෝ තරබාරු වීම පියයුරු පිළිකා ඇතුළු රෝග කිහිපයක් ඇතිවීමේ අවදානම වැඩි කරන බැවින් ඔබ ඔබේ BMI ගැන ද සැලකිලිමත් විය යුතු ය. ඔබේ සිරුරේ හැඩය සහ සෞඛ්‍ය සම්පන්න බරක් පවත්වා ගැනීම සඳහා අඩු මේද, සමබල ආහාර වේලක් ගැනීම සහ නිතිපතා ව්‍යායාම කළ යුතු බව අමුතුවෙන් කිව යුතු නැත.

තීරු හැඩැති සිරුර (Ruler (column)-Shaped)

සෞඛ්‍යයට ඇති තර්ජන

බොහෝ සිහින් පුද්ගලයින්ට මෙම ශරීරය ඇත, නමුත් ඔවුන් සියල්ලන් ම කෙට්ටු වුව ද, 100% සෞඛ්‍ය සම්පන්න යැ යි එයින් අදහස් නො වේ. BMI අගය අනුව අධික බර ඇති පුද්ගලයින්ට හෘද රෝග සහ දියවැඩියාව ඇතිවීමේ අවදානම වැඩි වේ.

එ මෙන් ම අඩු බරැති කාන්තාවන් ඔසප් වීමේ අක්‍රමිකතා, වඳභාවය, කුසගින්න සහ මානසික අවපීඩනය වැනි සෞඛ්‍ය ගැටලුවලට ගොදුරු වීමේ ඉඩකඩක් ද පවතියි.

කටයුතු කල යුතු ආකාරය

බර වැඩි කර ගැනීම අපහසු වුව ද, ඔබ ඔබේ ආහාර සහ ව්‍යායාම හරහා නිතිපතා නිරීක්ෂණය කිරීම වඩාත් වැදගත් වේ. කෙට්ටු අය කිසිදා තරබාරු නො වනු ඇතැයි විශ්වාස කිරීමෙන් සහ ඒ මත පදනම් ව නිරතුරු ව අධික ලෙස ප්‍රෝටීන හා කාබෝහයිඩ්රේට් බහුල ආහාර ලබාගැනීම මගින් තම සෞඛ්‍යය අනතුරේ හෙළා ගත හැකි ය. ඇත්ත වශයෙන්ම, ඔබ නො දැනුවත් ව ම ඔබේ ශරීරයේ මේද ප්‍රතිශතය ඉහළ යාම සිදු විය හැකි ය. එ බැවින් ශරීරයේ බර සහ හැඩය පිලිබඳ ව නිරන්තර අවධානයෙන් සිටීම, අඩු මේද, සමබල ආහාර වේලක් ගැනීම සහ නිතිපතා ව්‍යායාම කිරීම මගින් යහපත් ශාරීරික සෞඛ්‍යයක් ඇති කරගත හැකි වනු ඇත.

නිගමනය

Threats to Health

බොහෝ විද්‍යාත්මක පර්යේෂණවලට අනුව, ඇපල් ගෙඩියක හැඩයක් ඇති ශරීර ස්වරූපය පෙයාර්ස් හැඩයක් ඇති ශරීර ස්වරූපයට වඩා අයහපත් ය. ඔබ කුමන හැඩයකින් සිටියත් සෞඛ්‍ය සම්පන්න බරක් පවත්වා ගැනීම, හොඳ ආහාර වේලක් ගැනීම සහ ක්‍රියාශීලී ව සිටීම වැදගත් වේ. එමෙන් ම ඉතා හොඳ ශාරීරික වශයෙන් හැඩයක් පවත්වා ගැනීම මගින් සමාජය සමග ගනුදෙනු කරන විට ඔබට මානසික සුවයක් ද, තමා පිලිබඳ අතම විශ්වාසයක් ද, එ මගින් ඇති කරනු ඇත.

නිවසේ දී ශරීර හැඩය වැඩිදියුණු කරගැනීම සඳහා ව්‍යායාම

Getඔබ බර අඩු කර ගැනීමට හෝ ඔබේ හෘද වාහිනී සෞඛ්‍යය වැඩි දියුණු කිරීමට බලාපොරොත්තු වන්නේ නම්, Cross Trainers ඉතා හොඳ උපකරණයක් බව කිව හැකිය. කාන්තාවන් සඳහා උදරය සඳහා වන ව්‍යායාම මගින් ඔබට සිහින් සිරුරක් ලබා ගැනීමට හැකි වන අතර Ab Products ආධාරයෙන් ඔබේ උදරය හැඩගස්වා ගැනීමට උපකාරී වේ. එ මෙන් ම Exercise Bikes මත ව්‍යායාම කිරීම මගින් සමස්ත ශරීරයට ම ව්‍යායාමයක් ලබාදිය හැකි අතර විශේෂයෙන් ම සිරුරේ පහල කොටස් සඳහා ඉතා හොඳ ව්‍යායාමයක් ලබාදීමට උපකාරී වනු ඇත.

Eser Marketing International – Best Exercise Machines to Improve Your Body Shape

Read This Article In English

Share this post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to Blog
has been added to your cart.
Checkout