ඔබේ නිවසේ ට්‍රෙඩ්මිල් යන්ත්‍රය නඩත්තු කරන්නේ කෙ සේ ද? (සම්පූර්ණ මග පෙන්වීමක්)

Back to Blog
ඔබේ නිවසේ ට්‍රෙඩ්මිල් යන්ත්‍රය නඩත්තු කරන්නේ කෙ සේ ද?

ඔබේ නිවසේ ට්‍රෙඩ්මිල් යන්ත්‍රය නඩත්තු කරන්නේ කෙ සේ ද? (සම්පූර්ණ මග පෙන්වීමක්)

ට්‍රෙඩ්මිල් නඩත්තුව: හැඳින්වීම

ඔබේ නිවසේ ව්‍යායාම සඳහා සුදුසු පරිසරයක් නිර්මාණය කිරීම සඳහා ට්‍රෙඩ්මිල් (Treadmill) උපකරණයක් මිල දී ගැනීම හෝ ව්‍යායාම් උපකරණ මිල දී ගැනීම සුදුසු ම දෙය බව පෙනේ. විශේෂයෙන් ම Covid-19 වසංගතයට ගොදුරු වීම නිසා සිදු වූ සමාජයීය වෙනස්කම් සැලකීමේ දී එය පැහැදිලි වේ. ඔබේ නිවසට ට්‍රෙඩ්මිල් එකක් අවශ්‍ය වන්නේ ඇයි? දැ යි අප පෙර ලිපයකින් ද සාකච්චා කළෙමු.

මෙම ලිපිය ලියා ඇත්තේ ඔබේ නිවසේ ට්‍රෙඩ්මිල් එකෙහි ගුණාත්මක භාවය පවත්වා ගන්නේ කෙසේ ද යන්න පිළිබඳ ව ය. ඕනෑ ම ආකාරයක ට්‍රෙඩ්මිල් උපකරණයක් අවශ්‍ය කාලසීමාවේ දී නඩත්තු කිරීම සිදු කල යුතු වේ. එය කෙටි පියවරයන් කිහිපයක් ලෙස කල හැකි වුවත්, දිගු කාලීන ව එය උපකරණයේ පැවැත්ම සඳහා ඉතා වැදගත් වේ. අපගේ උසස් තත්ත්වයේ ට්‍රෙඩ්මිල් උපකරණ, අනෙකුත් ව්‍යායාම උපකරණ හා සසඳන විට පිරිසිදු කිරීමට සහ නඩත්තු කිරීමට පහසු බව කිව හැකි ය.

නිවසේ දී ට්‍රෙඩ්මිල් පිරිසිදු කිරීම සහ නඩත්තු කිරීම විනෝදජනක කාර්යයක් නොවේ. අප එය නිවැරදි ව කළ යුත්තේ එ බැවිනි. නිවසේ භාවිතයට ට්‍රෙඩ්මිල් උපකරණයක් මිල දී ගැනීමේ දී එ ම උපකරණ අනෙකුත් ව්‍යායාම උපකරණ හා සැසඳීමේ දී සාපේක්ෂ ව තරමක් මිල අධික වන අතර ඒ බැවින් ම හොඳින් නඩත්තු කරමින් භාවිත කිරීම ඉතා වැදගත් වේ. යම්හෙයකින් උපකරණයට දැඩි හානියක් සිදු වුවහොත් එය වගකීම් කාලය අවසන් වූ උපකරණයක් නම්, නැවත යථාතත්වයට පත් කරගැනීමට විශාල මුදලක් වැය කිරීමට ද සිදු වනු ඇත. එ සේ යථාතත්වයට පත් කරගැනීමට අපොහොසත් වුවහොත්, අලුතින් ට්‍රෙඩ්මිල් උපකරණයක් මිල දී ගැනීමට ද සිදුවනු ඇත. ට්‍රෙඩ්මිල් උපකරණයේ මනා ක්‍රියාකාරිත්වය පවත්වා ගැනීමට, භාවිත කරන සෑම අවස්ථාවක ම මතුපිට පිරිසිදු කිරීම, සතියකට වරක් යන්ත්‍රය ඇතුළත සහ අවට පිරික්සීම, ට්‍රෙඩ්මිල් තට්ටුව සහ පටිය (deck and belt) අවශ්‍ය පරිදි ලිහිසි කර නඩත්තු කිරීම ඉතා වැදගත් වේ. ඔබ අවධානය යොමු කළ යුතු ට්‍රෙඩ්මිල් නඩත්තු පිරික්සුම් ලැයිස්තුවක් ද ඇත, එය අපි ඊළඟට සලකා බලමු.

ට්‍රෙඩ්මිල් නඩත්තු පිරික්සුම් ලැයිස්තුව (Treadmill Maintenance Checklist)

Treadmill Maintenance Checklist 1
  • භාවිත කරන පුද්ගලයා ගේ (පුද්ගලයින් ගේ) ශරීර අනුපාතය අනුව ට්‍රෙඩ්මිල් උපකරණ තෝරා ගත යුතු ය. බොහෝ විට හොඳ ට්‍රෙඩ්මිල් උපකරණවල පටිවල ආතතිය කලින් සකස් කර තිබේ. කෙසේ වෙතත්, ඔබ යන්ත්‍රය භාවිත කිරීම ට පෙර එය පරීක්ෂා කර බැලීම වඩා උචිත වේ. ඔබේ පටිය ඉතා ලිහිල් වුවහොත්, එය ලිස්සා යාමට පටන් ගනී. පටිය ඉතා තද වුවහොත්, එය මෝටරයට සහ රෝලර්වලට හානි කරයි. පටියේ ආතතිය සෑම විටම එය ලිස්සා නො යෑමට තරම් ප්‍රමාණවත් විය යුතු ය. එ සේ ම, භාවිත කරන පුද්ගලයා ගේ ශරීර බර සහ උස, ඔබේ ට්‍රෙඩ්මිල් උපකරණයේ පැවැත්ම ට ඍජු ව ම බලපානු ලබයි. එ බැවින් ඔබේ ශරීර අනුපාතය සැලකිල්ලට ගනිමින් ඔබ ට සුදුසු ම ට්‍රෙඩ්මිල් උපකරණය තෝරා ගැනීම සෑම විට ම නිර්දේශ කෙරේ.
  • ඔබ ඔබේ ට්‍රෙඩ්මිල් උපකරණය මත ව්‍යායම සිදු කිරීම ආරම්භ කරන විට, ඔබේ උපකරණ ව්‍යුහය මත සිට, ඔබේ දෙපා දෙපසට විහිදුවමින් සිටගෙන සිටීම වඩාත් යෝග්‍ය වේ. නිවසේ භාවිතය සඳහා නිර්දේශිත හොඳ ම ට්‍රෙඩ්මිල් පවා වරින් වර පටිවල ආතතිය සකස් කිරීම අවශ්‍ය විය හැකි ය. ට්‍රෙඩ්මිල් පටියක් තට්ටුවේ (deck) මැදට ඍජු ව ගමන් කළ යුතු ය. එ සේ නො වන්නේ නම්, එය සකස් කරගැනීම අවශ්‍ය ය. යන්ත්‍රයේ පිටුපස ඇති බෝල්ට් (bolts) සකස් කරගැනීම මගින් එය පහසුවෙන් සිදු කල හැකි ය.
  • සිලිකන් තෙල් (Silicone oil) හා ලිහිසි තෙල් (lubricants) ඔබේ ට්‍රෙඩ්මිල් උපකරණය නඩත්තු කිරීමේ දී භාවිත කළ යුතු ය. ඔබට ඒවායේ විස්තර දැනගැනීමට හා අන්තර්ජාලය ඔස්සේ මිල දී ගැනීමට අවශ්‍ය නම් අපගේ වෙබ් අඩවිය ඔස්සේ ඇනවුම් කල හැකි ය! ඔබේ ට්‍රෙඩ්මිල් එකට ලිහිසි තෙල් අවශ්‍ය දැයි තීරණය කිරීමට උපකරණයේ පරිශීලක අත්පොත (user manual) කියවන්න. ඔබ යන්ත්‍රය අනවශ්‍ය ලෙස ලිහිසි තෙල් යෙදුවහොත්, එමගින් යන්ත්‍රයේ ඇති ඉටි (wax) විනාශ වීම මගින් ට්‍රෙඩ්මිල් උපකරණයේ කොටස්වලට හානි විය හැකි ය. ඔබේ ට්‍රෙඩ්මිල් උපකරණයට ලිහිසි තෙල් අවශ්‍ය බව ඔබට පෙනී යන්නේ නම්, ඉහත සඳහන් කර ඇති උපදෙස් අනුගමනය කර ජාත්‍යන්තර ව පිළිගත් ලිහිසි තෙල් ඒ සඳහා භාවිතා කරන්න.
  • ඔබේ ට්‍රෙඩ්මිල් උපකරණය ආරක්ෂිත, සුදුසු ස්ථානයක තබා ගන්න. ඔබ ව්‍යායාමවල යෙදෙන විට සෑම අවස්ථාවක ම ඔබේ ට්‍රෙඩ්මිල් හි හැන්ඩ්ල් (handles), පටිය (belt) සහ තිරය (screen) දහඩිය තැවරීමට ඉඩ ඇති අතර එ මගින් යන්ත්‍රයේ මතුපිට ප්‍රදේශ විඛාදනයට හේතු විය හැක. එ මෙන් ම මුහුදු ආශ්‍රිත ප්‍රදේශයක ඔබේ නිවස පිහිටන්නේ නම්ය, මුහුදු සුළඟ සමග එන ලවන සහිත ජලයෙන් ඔබේ උපකරණය ආරක්ෂා කරගැනීම වැදගත් වේ. යන්ත්‍රයේ මතුපිට ප්‍රදේශ සුමට ව (විෂබීජ නාශක දියරයක් භාවිතා කර) පිරිසිඳු කිරීම ද වැදගත් වේ. විශේෂයෙන් ම ඔබේ ට්‍රෙඩ්මිල් උපකරණය වෙනත් අය සමග ද, පරිහරණය කරන්නේ නම් මෙය විශේෂයෙන් වැදගත් වේ.
  • ට්‍රෙඩ්මිල් උපකරණය පවුලේ සාමාජිකයන් සමග භාවිත කරන්නේ නම්, එක දිගට භාවිත කිරීම වෙනුවට, යන්ත්‍රයට විවේකයක් ලබා දීමට මතක තබා ගන්න. එය දිගු කාලයක් අඛණ්ඩව භාවිතා කිරීම PCB අක්‍රිය වීම හෝ මෝටරය ක්‍රියා විරහිත වීම වැනි දෝෂයක් ඇති කරවිය හැකි ය.
  • සෑම විටම ඔබේ ට්‍රෙඩ්මිල් එක දූවිලි වලින් තොරව පිරිසිදුව තබා ගැනීමට වග බලා ගන්න. ඔබ සෑම මසකම තට්ටුව සහ පටිය පිරිසිදු කළ යුතුය. ඔබ තිරයේ දෙපස ඇති ප්රදේශ මෙන්ම තට්ටුවේ නිරාවරණය වූ ප්‍රදේශ ද පිරිසිදු කළ යුතු ය. සෑම සතියක ම තෙත් රෙද්දක් හෝ ස්පොන්ජියක් භාවිතයෙන් යන්ත්‍රයේ අනෙකුත් කොටස් සුමට ව පිස දමන්න, සෑම වසරක ම අවම වශයෙන් තුන් වතාවක් ට්‍රෙඩ්මිල් මෝටර් ප්‍රදේශය පිරිසිදු කරන්න.
  • ඔබ දිගු කාලයක් ට්‍රෙඩ්මිල් භාවිතා නො කරන අවස්ථාවල දී සහ ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවක දී එයින් සිදුවන බලපෑම්වලින් ආරක්ෂා කර ගැනීමට ඔබගේ උපාංගය පේනුවෙන් ඉවත් කිරීමට මතක තබා ගන්න. අකුණුවලින් ඔබේ යන්ත්‍රයට සිදු විය හැකි හානිවලින් ආරක්ෂා කර ගැනීම සඳහා ඔබ ගේ නිවසේ විදුලි පද්ධතිය නිවැරදි ව භූගත ව පවතින්නේ දැ යි පරීක්ෂා කිරීම ද ඉතා වැදගත් ය. එ මෙන් ම අකුණු සහිත අවස්ථාවන් හි උපකරණය ක්‍රියාත්මක නො කිරීම වඩා යෝග්‍ය වේ.

භාවිතා කිරීමට යෝග්‍ය ට්‍රෙඩ්මිල් ලිහිසි තෙල්

Ideal Treadmill Lubricants to Use
  • සෑම සැතපුම් 150 කට වරක් තට්ටුව (deck) ලිහිසි තෙල් යෙදීම නිර්දේශ කරනු ලැබේ, එවිට ඝර්ෂණය අඩු වේ. එ මගින් උපකරණයේ කොටස් ගෙවී යාම අඩු වන නිසා දිගු කාලයක් උපකරණය භාවිතා කිරීමේ හැකියාව ලැබෙනු ඇත. උපරිම ප්‍රතිඵල ලබා ගැනීමට ඔබේ ට්‍රෙඩ්මිල් උපකරණය සඳහා හොඳ ම ලිහිසි තෙල් භාවිත කිරීම ද ඉතා වැදගත් කරුණකි. Eser Marketing International දිවයින පුරා ඇති ශාඛාවලින් සහ අප ගේ වෙබ් අඩවියෙන් උසස් තත්වයේ ට්‍රෙඩ්මිල් සඳහා නිර්දේශිත ලිහිසි තෙල් නිෂ්පාදන ඔබට මිල දී ගත හැකි ය. පහත දැක්වෙන්නේ ට්‍රෙඩ්මිල් සඳහා නිර්දේශිත ලිහිසි තෙල් නිෂ්පාදන කිහිපයකි.

Eser Marketing International ට්‍රෙඩ්මිල් ලිහිසි තෙල් (Lubricants) නිෂ්පාදන

Treadmill Lubricant Spray 420ml

PUFF DINO ට්‍රෙඩ්මිල් Lubricant Spray යනු ට්‍රෙඩ්මිල් නඩත්තු කිරීම සහ ලිහිසි කිරීම සඳහා නිර්මාණය කර ඇති හොඳ ම නිෂ්පාදනයකි. මෙය ඔබේ උපකරණයේ ප්ලාස්ටික් සහ රබර් කොටස් මත යෙදීම සිදු කල හැකි ය. PUFF DINO ට්‍රෙඩ්මිල් Lubricant Spray නිෂ්පාදනය ගෘහස්ථ ට්‍රෙඩ්මිල් සඳහා වඩාත් සුදුසු වේ.

  • පරිමාව: 420ml
Check it out!

Treadmill Lubricant Oil

ට්‍රෙඩ්මිල් නඩත්තුව සහ ලිහිසි තෙල් සඳහා නිර්මාණය කර ඇති තවත් උසස් තත්ත්වයේ නිෂ්පාදනයකි. මෙය පුළුල් පරාසයක ඇති නවීන ට්‍රෙඩ්මිල් සඳහා සකස් කර ඇත. නිවසේ සහ වාණිජ ව යොදාගැනෙන ට්‍රෙඩ්මිල්, බොහෝමයක් elliptical උපකරණ සහ තවත් ව්‍යායාම උපකරණ කිහිපයක් සඳහා විශිෂ්ට ලෙස ක්‍රියා කරයි. ලිහිසි තෙල් නිසා ශබ්දය ද අඩු කරයි. PUFF DINO ට්‍රෙඩ්මිල් ලිහිසි තෙල් සියලු වර්ගවල වෙළඳ නාමවල ට්‍රෙඩ්මිල් මත ඉතා හොඳින් ක්‍රියා කරයි.

  • පරිමාව: 500ml
Check it out!
  • පරිමාව: 1L
Check it out!
  • පරිමාව: 4L
Check it out!

ට්‍රෙඩ්මිල් එකක ව්‍යායාම කරන විට නිසි පාවහන් පැළඳීම, ව්‍යායාම් උපකරණ පිරිසිදු ව හා දූවිලිවලින් තොර ව තබා ගැනීම, අවශ්‍ය විට ලිහිසි තෙල් යෙදීම හා අවශ්‍ය සැකසීම් සිදු කිරීම සහ මුහුදු තෙතමනයෙන් ආරක්ෂා කිරීම ට්‍රෙඩ්මිල් ව්‍යායාම උපකරණවල දිගුකාලීන පැවැත්ම සහ මනා ක්‍රියාකාරිත්වය පවත්වා ගැනීම සඳහා ඉතා වැදගත් වේ.

Eser Marketing International වෙතින් ඔබ මිල දී ගන්නා ට්‍රෙඩ්මිල් උපකරණ අවම වශයෙන් වසර 1ක සිට වසර 5ක් දක්වා වගකීමක් සහිත ව පැමිණේ (සීමිත කොටස් සඳහා වගකීමකි – මෙය උපකරණ වර්ගය අනුව වෙනස් වේ). ඔබට 011-523 2121 ඇමතීමෙන් තාක්ෂණික සහාය හෝ උපකරණය පිළිබඳ උපදෙස් සහ සේවා ලබා ගත හැකි ය.

READ THIS ARTICLE IN ENGLISH

Share this post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to Blog
has been added to your cart.
Checkout