ව්‍යායාම සඳහා ඔබ Kettlebells භාවිත කරන්නේ කෙ සේ ද?

Back to Blog
Kettlebell ව්‍යායාම

ව්‍යායාම සඳහා ඔබ Kettlebells භාවිත කරන්නේ කෙ සේ ද?

Kettlebells පිලිබඳ ව හැඳින්වීම

Kettlebells බර පුහුණු කිරීම සඳහා (weight training) භාවිත කළ හැකි ය. ඒවා කේතලයක මෙන් මිටක් සහිත කාලතුවක්කු උණ්ඩයක් මෙන් පෙනෙන අතර මුලින් ම මේවා බර ලෙස භාවිතා කරන ලද්දේ සර්කස් සඳහා ය. ශක්තිය සහ විඳදරාගැනීම වැඩි කිරීමට, මාංශ පේශි ගොඩනැගීමට, බර අඩු කර ගැනීමට හෝ තුවාල වීමේ අවදානම අඩු කිරීමට Kettlebells භාවිතා කළ හැකි ය.

Kettlebells ව්‍යායාම සිදු කිරීමේ දී වරකට එක් අතක් හෝ කකුලක් වෙත අවධානය යොමු කිරීමෙන් එකවර මාංශ පේශි කිහිපයක් ක්‍රියා කරවයි. Kettlebells ව්‍යායාම ලෙස swings, squats, clean and press, snatch, jerk, and Turkish get-up යන ව්‍යායාම ආකාර ඇතුළත් වේ.

ඉලක්ක කරන ප්‍රදේශ

Kettlebell Training Goals

Kettlebells වලට සාමාන්‍යයෙන් ඇතුළත් වන්නේ ශරීරයේ ඉහළ සහ පහළ මාංශ පේශී විඳදරාගැනීම (නැවතීමකින් තොර ව යම් කාලයක් සඳහා ව්‍යායාමයක් සම්පූර්ණ කිරීමේ හැකියාව) වර්ධනය කරන ව්‍යායාමයන් ය. එය පෙර සඳහන් කල පරිදි, Kettlebells බහුකාර්ය ව්‍යායාම උපකරණයකි. ශක්තිය පුහුණු කිරීම (strength training), විඳදරාගැනීමේ පුහුණුව, මාංශ පේශි ගොඩනැගීම, බර අඩු කිරීම සහ මාංශ පේශි ශක්තිමත් කිරීම සඳහා ඒවා භාවිත කළ හැකි ය.

මෙම මෙවලම සමග ශරීරයේ ඉහල කොටස සඳහා military press, the clean and jerk, and jerks. Exercises for the lower body are squats, deadlifts, good morning, and single-leg squats වැනි ව්‍යායාම ක්‍රම අනුගමනය කල හැකි ය. ශරීරයේ පහල කොටස් සඳහා ව්‍යායාම වශයෙන් squats, deadlifts, Good morning, සහ single-leg squats හැඳින්විය හැකි ය. මේ අතරින් ඔබට kettlebell swings, kettlebell cleans or snatches, or kettlebell presses හෝ cleans ඇතුළු ඔබට වඩාත් ගැලපෙන ව්‍යායාම තෝරාගත හැක.

ව්‍යායාම අභ්‍යාස කිහිපයක් පිලිබඳ විස්තර

කෙට්ල්බෙල් අභ්‍යාසවලට swings, squats, clean and press, snatch, jerk, and Turkish get-up යන ව්‍යායාම ක්‍රම රාශියක් ඇතුළත් වේ. මේ අතරින් ජනප්‍රිය ම ව්‍යායාමයන් කිහිපයක් පිලිබඳ ව විමසා බලමු.

Kettlebell Squat:

ඔබේ පාද උරහිස් පළලින් වෙන් කර බිමට පහත වී නැවත ස්ථාවර ස්ථානයකට යන්න. මිනිත්තුවක් හෝ කාල රාමුවක් තුළ ඔබට හැකි තරම් ව්‍යායාමයේ යෙදෙන්න.

Kettlebell Deadlift:

ආරම්භයෙදී බිම මත kettlebell එක තබා, ඔබේ වළලුකර එයට සමාන්තර ව පවත්වා ගන්න. සෘජු ව දෑත් සමග ඔබේ දණහිස්වල මෘදු නැමීමක් ලබා දී අත් දෙකෙන් ම kettlebell මිට අල්ලාගෙන, ඉහලට එසවෙන්න. ඉහළට පැමිණීමට ඔබේ උකුල හා දණහිස් චලනය කරන්න. සම්පුර්ණයෙන් ම එසවූ පසු ශරීරය සෘජු ව පවතින පරිදි සිටින්න. එම ඉරියව්වෙන් ම ආපසු චලනය කර kettlebell එක පහලට ගෙනවිත් බිම තබන්න.

Kettlebell Swing: 

මෙහි දී kettlebell එක ඔබ ඉදිරියෙ හි බිම තබන්න. ඔබේ දණහිස් මදක් නැවී දෑත් කෙළින් තබාගෙන, ඉදිරියට ගෙන ගොස් kettlebell එක අල්ලාගෙන, එය ඔබේ පාද අතරින් පසුපසට ගෙනයන්න. ඉන් පසු ව පාද අතරින් ම ඉදිරියට තරමක් ඉහලට එසවෙන පදිරි ශක්තිය යොදා kettlebell එක චලනය කරන්න. මේ ආකාරයෙන් ම පසුපසට ඉරියව් චලනය මගින් ව්‍යායාමය දිගටම පවත්වා ගත හැකි ය. ව්‍යායාමය පුරාවටම, ඔබේ මූලික මාංශ පේශී චලනය වීම මගින් ඉතා හොඳ ව්‍යායාමයක් ලබා දෙයි.

Kettlebell ව්‍යායාම භාවිතයෙන් ලැබෙන සෞඛ්‍ය ප්‍රතිලාභ

Kettlebell ව්‍යායාම භාවිත කිරීමෙන් බොහෝ සෞඛ්‍ය ප්‍රතිලාභ හිමි කර ගත හැකි ය. ඒ අතරින්, වැඩි දියුණු කළ රුධිර සංසරණය, වැඩි ශක්තිය, වැඩිදියුණු වන ඉරියව්, කොන්දේ වේදනාව ඇත්නම් එය සමනය කිරීම වැනි ප්‍රතිලාභ පෙන්වා දිය හැකි ය.

ඊට අමතර ව වෙනත් ප්‍රතිලාභ ලෙස හොඳ මානසික සෞඛ්‍යයක්, ශක්තිය සහ දරාගැනීමේ හැකියාව වර්ධනය කිරීමත් හැඳින්විය හැකි ය.

Kettlebell ව්‍යායාම සාමාන්‍යයෙන් ඉතා තීව්‍ර නමුත් කෙටි කාලසීමාවක් කිරීම තුළින් ඉතා හොඳ ප්‍රතිඵලදායී අත්දැකීමක් ලබාගත හැකි ය. සාමාන්‍යයෙන්, කෙට්ල්බෙල් ව්‍යායාම භාවිත කරනුයේ මේදය දහනය කිරීමට සහ එකවර මාංශ පේශි ගොඩනැගීම සඳහා ඉහළ තීව්‍රතා පුහුණුවක් ලෙස ය. Kettlebell මගින් කරනුයේ ශක්තිය සහ විඳදරාගැනීම මෙන් ම බර අඩු කර ගැනීම සඳහා උපකාරී වීම ය. එමගින් ලැබෙන බර, පේශි ස්කන්ධය, දරාගැනීම, ශක්තිය හා බලය වැඩි කිරීමට භාවිත කෙරෙයි.

Kettlebells භාවිත කිරීම සඳහා උපදෙස්

Tips for Using Kettlebell

ආරම්භයේ දී බරින් අඩු එකක් භාවිත කර ඔබේ කායික ශක්තිය අනුව බර වැඩි කිරීමට අවධානය යොමු කරන්න. නිසි ආකෘතියක් නොමැති ව එකවර බර වැඩි කිරීම මගින් ආබාධයන් ට ලක්වීම හා තුවාල වීමට හේතු විය හැක, එබැවින් හොඳ ආකෘතියක් භාවිතා කිරීම වැදගත් වේ.

ඔබට ශ්‍රී ලංකාවේ Kettlebells මිල දී ගත හැකි ස්ථාන

ඔබට Eser Marketing International වෙතින් උසස් තත්ත්වයේ kettlebells මිල දී ගත හැකි ය. PVC kettlebells, යකඩ kettlebells සහ රබර් මිශ්‍ර kettlebells Eser Marketing International වෙතින් මිල දී ගත හැකි ය. ව්‍යායාම කිරීමේ දී අප සුදුසු උපකරණ/උපාංග භාවිත කළ යුතු ය, එ සේ නොමැති නම්, එය ඔබට ශාරීරික ව ආබාධ ඇති කරනු ඇත. උසස් තත්ත්වයේ උපකරණ සාධාරණ මිල පරාසයකට විකිණීමේ වසර ගණනාවක අත්දැකීම් ඇති Eser Marketing International වෙතින් ඔබට වඩාත් ගැලපෙන/සුදුසු ව්‍යායාම උපකරණ මිල දී ගැනීමට හැකි ය.

Eser Marketing International – Kettlebells

Read this article in english

Share this post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to Blog
has been added to your cart.
Checkout