ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ම යෝග්‍යතා උපකරණ සන්නාම 05ක්

Back to Blog
ජනප්‍රිය ම යෝග්‍යතා උපකරණ සන්නාම

ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ම යෝග්‍යතා උපකරණ සන්නාම 05ක්

ශාරීරික යෝග්‍යතා උපකරණ තෝරාගැනීම ඔබේ ව්‍යායාමයට සහ එහි ප්‍රතිඵලවලට බලපාන ප්‍රධාන සාධකයකි. සාමාන්‍යයෙන්, ඉහළ ම වෙළඳනාම ඔවුන්ගේ නිෂ්පාදන නිර්මාණය කරන්නේ විවිධ ව්‍යායාම වර්ග සහ මානව ව්‍යුහ විද්‍යාව අනුව ය. වාණිජමය ව්‍යායාම යන්ත්‍ර හා උපකරණ සෑදීමේ දී භාවිතය සඳහා අවශ්‍ය කල්පැවැත්ම සහ ගුණාත්මකභාවය පිලිබඳ ව ද දැඩි අවධානයක් යොමු කරයි.

ඔබ ගේ යෝග්‍යතා ඉලක්ක සපුරා ගැනීම සඳහා ඔබට විශ්වාසය තැබිය හැකි ව්‍යායාම් උපකරණ තිබීම අත්‍යවශ්‍ය වේ. කෙසේ වෙතත්, ව්‍යායාම උපකරණවල අධික පිරිවැය අනුව, උපකරණ මිල දී ගැනීමට පෙර ඒවායේ ගුණාත්මකභාවය, කල්පැවැත්ම සහ ව්‍යායාම ඔබ බලාපොරොත්තු වන ව්‍යායාම කිරීමට යෝග්‍ය ද නැති ද යන වග විමසා බැලීම අනිවාර්ය කරුණකි.

ශ්‍රී ලංකාවේ හොඳම ශාරීරික යෝග්‍යතා උපකරණ සන්නාම පිලිබඳ ව මේ ලිපියෙන් විමසා බලන අතර, ඉදිරියේ දී ව්‍යායාම උපකරණ මිල දී ගන්නා විට ඔබට වැඩි විශ්වාසයකින් යුතු ව උසස් ම මට්ටමේ ව්‍යායාම උපකරණ මිල දී ගැනීමට මෙය උපකාරවත් වනු ඇත.

#1 BH Fitness

BH Fitness
Image Source: bh.fitness

ලෝකයේ වඩාත් ම ප්‍රසිද්ධ සහ ගෞරවනීය ව්‍යායාම උපකරණ නිෂ්පාදන සන්නාමවලින් එකක් වන BH සමූහය (BH Group) යටතේ BH Fitness සන්නාමය ඇත. සියවසකට වඩා පැරණි, Beistegui Hermanos (BH) සමූහය ස්පාඤ්ඤයේ උතුරු ප්‍රදේශයේ La Linea (Spanish for Beistegui Brothers) හි පිහිටුවා ඇත. ආරම්භයේ දී වානේ භාණ්ඩ නිෂ්පාදනය කර ඇති අතර දැන් ඔවුන්ගේ අවධානය ව්‍යායාම උපකරණ වෙත යොමු කර ඇත.

BH Fitness නිවසේ සිට ව්‍යායාම කිරීමට සහ ව්‍යායම මධ්‍යස්ථානයන් හි ව්‍යායාම කිරීමට අවශ්‍ය ව්‍යායාම උපකරණ පෙළක් නිෂ්පාදනය කර රටවල් 65 කට මේ වන විට බෙදා හරියි. Exercise cycles, weightlifting machines, සහ treadmill උපකරණ සමාගමෙ හි පුළුල් නිෂ්පාදන පෙළෙහි කොටසකි. එක්සත් රාජධානියේ පැවති විශාලතම බර අඩු කිරීමේ රියැලිටි වැඩසටහන සඳහා මෙම සමාගම විසින් ලබා දුන් යෝග්‍යතා උපකරණ භාවිතා කරන ලදී.

BH Fitness treadmills සහ අනෙකුත් උපකරණ ලොව පුරා බොහෝ ස්ථානවල (මූලික වශයෙන් ස්පාඤ්ඤයේ, පෘතුගාලයේ සහ මෙක්සිකෝවේ) සාදා ඇත.

විශිෂ්ට තත්ත්ව පාලනය නිසා වාණිජ මට්ටමේ පාරිභෝගිකයින් BH නිෂ්පාදන සමග රැඳී සිටීයි.

Eser Marketing International – BH Fitness

#2 Reebok Fitness

Reebok Fitness in Sri Lanka

Reebok Fitness ව්‍යායාම උපකරණ වෙළඳපොල සම්බන්ධයෙන් ප්‍රමුඛ පෙළේ සන්නාමයක් ලෙස මතු වී ඇත්තේ මෑතක දී ය. 1890 ගණන්වල ආරම්භ කරන ලද Reebok සමාගම මුලින් ම සපත්තු නිර්මාණය කරන සමාගමක් ලෙස ආරම්භ විය. එයින් සාර්ථකත්වය ට පත් ඔවුන් අද වන විට ව්‍යායාම සඳහා අවශ්‍ය ඇඳුම් පැළඳුම් සහ නිවසේ ව්‍යායාම අභ්‍යාස සිදු කිරීමට උපකාරී වන උපකරණ පුළුල් පරාසයක නිෂ්පාදනය කරමින් ඇත.

Reebok ශතවර්ෂයකට පෙර ලොවට ඉදිරිපත් කරන ලද්දේ ඇමරිකානු ආභාෂය ලැබූ බහුජාතික සන්නාමයක් ලෙසිනි. ශාරීරික, චිත්තවේගීය සහ සමාජීය යහපැවැත්ම සම්බන්ධයෙන් රීබොක් එ හි විප්ලවයේ ඉදිරියෙන්ම සිටියි. Eser Marketing International හි කණ්ඩායමක් ලෙස, අප මෙම සන්නමයේ ප්‍රවේශය විශ්වාස කරමු. ඔවුන්ගේ සාමාජිකයින්ට දිගු කලක් යෝග්‍යව සහ සෞඛ්‍ය සම්පන්න ව තබා ගැනීම සඳහා වඩාත් විශිෂ්ට උපකරණ සහ මෙවලම් වෙත ප්‍රවේශ වනු ඇති බව අප සහතික කරමු.

Eser Marketing International – Reebok Fitness

#3 Adidas

Adidas in Sri Lanka

Adidas සන්නාමය ව්‍යායාම් උපකරණවලට වඩා මලල ක්‍රීඩා ආම්පන්න සඳහා ප්‍රසිද්ධියක් උසුලන අතර, Adidas Fitness සමාගම යටතේ යෝග්‍යතා උපකරණ වෙළඳපොළට සපයනු ලබයි.

ඔබ ව්‍යායාම සඳහා නවකයෙකු හෝ අතරමැදියෙකු වුව ද සම්පූර්ණ ශරීර ගොඩනැගීමක් සඳහා ඔබට අවශ්‍ය සියලු ම උපකරණ Adidas හි ඇතුළත් වේ. ඔබේ ව්‍යායාමය මත පදනම් ව, ඔබට triceps හෝ biceps station භාවිත කළ හැකි අතර, පපුව සහ පසුපස ස්ථාන සඳහා ව්‍යායාම ලබා දිය හැකි ය.

Eser Marketing International – Adidas

#4 Body-Solid

Body Solid by Eser Marketing International
Image Source: bodysolid.com

වාණිජ මට්ටමේ කීර්තිමත් යෝග්‍යතා උපකරණ නිෂ්පාදකයෙකු වන Body-Solid, ඔබට ඔබේ ම නිවස තුළ භාවිත කළ හැකි හෘද සහ ප්‍රතිරෝධක පුහුණු උපාංග පිළිබඳ පුළුල් පරාසයක උපකරණ පෙළක් ඉදිරිපත් කරයි. Body-Solid උපකරණ අතර treadmill, elliptical trainers, free weights සහ dip stations වඩාත් කැපී පෙනේ.

Body-Solid සන්නාමය යටතේ 1989 සිට යෝග්‍යතා උපකරණ වෙළඳපොළට සපයන අතර උසස් තත්ත්වයේ උපකරණ නිෂ්පාදනය කෙරෙහි සමාගම අඛණ්ඩ ව අවධානය යොමු කර ඇත. ඔවුන්ගේ සියලු ම ව්‍යායාම උපකරණ කාර්ය සාධනය, නිරවද්‍යතාවය, කල්පැවැත්ම සහ පාරිභෝගික තෘප්තිය යන ප්‍රමිතීන් සපුරාලන බැවින් සමාගමේ මූලික අදහස වන “Build for Life” අනුව තවමත් කටයුතු කරමින් ඇති බව පෙනේ.

Eser Marketing International – Body-Solid

#5 Matrix Fitness

Matrix Fitness by ESER
Image Source: matrixfitness.com

Johnson Health Tech හි සන්නමයක් වන Matrix Fitness යනු උසස් මට්ටමේ ව්‍යායාම් උපකරණ නිෂ්පාදන සමාගමකි. ට්‍රෙඩ්මිල් සම්බන්ධයෙන් ගත් කල, Matrix යනු ඩොලර් 2,000 කට වඩා වියදම් කිරීමට කැමති අය සඳහා තෝරාගත හැකි සුඛෝපභෝගී උපකරණ සන්නාමයක් ලෙස හඳුන්වා දිය හැකි ය. මෙම උපකරණයන් හි ඉහල ගුණාත්මක භාවය නිසා කල්පැවැත්ම අතින් ගත කල වාණිජ්‍ය මට්ටමේ ව්‍යායාම මධ්‍යස්ථානයන් සඳහා ද යෝග්‍ය බව කිව හැකි ය. ඉහළ මට්ටමේ ශාරීරික යෝග්‍යතා උපකරණ Matrix විසින් ඉදිරිපත් කර ඇති අතර එ මෙන් ම සමාගම මෑතක දී වෙළඳ නාමය යටතේ නිවෙස්වල ව්‍යායාම කිරීමට උපකාරවත් වන ට්‍රෙඩ්මිල් උපකරණ ද සෑදීම ආරම්භ කර ඇත.

Matrix treadmills හි ඇති සුවිශේෂී ලක්ෂණය වන්නේ Virtual Active වීඩියෝ භාවිතයෙන් එළිමහනේ සිට ව්‍යායාම කරන පරිදි හැඟීමක්න දැනවීමයි. මෙම මංපෙත් HD වීඩියෝවෙන් සහ VR 360 වීඩියෝවෙන් බැලිය හැකි අතර, ඔබ ට්‍රෙඩ්මිල් එක මත ඇවිදින විට, දුවන විට, VR Headset සඳහා අංශක 360ක දර්ශනයක් ලබාගත හැකි ය. සෑම console එකක් ම පරිශීලකයාගේ අභිමතය පරිදි වෙනස් කළ හැකි වීම ද විශේෂ කරුණකි.

Eser Marketing International – Matrix Fitness

සාරාංශය

Most Popular Fitness Equipment Brands in Sri Lanka

ශ්‍රී ලංකාවේ ඇති විශිෂ්ටතම ව්‍යායාම් උපකරණ සන්නාමයන් ගැන විස්තර දැන ගැනීමෙන්, ඔබ ව්‍යායාම උපකරණ මිල දී ගැනීමේ දී ගැලපෙන හොඳ ම උපකරණ ලබා ගැනීමට ඉවහල් වනු ඇත.

ඉහත සඳහන් කළ වෙළඳ නාම වසර ගණනාවක් පුරා හොඳ ම තත්ත්වයේ උපකරණ පාරිභෝගිකයන් වෙත සපයන අතර වඩාත් ස්ථාවර ලෙස ස්ථාපිත වී ඇති බව කිව හැකි ය.

ශ්‍රී ලංකාවේ දී Eser Marketing International හි අප ලෝකයේ ජනප්‍රියතම සහ ගෞරවනීය සන්නාම ගණනාවකින් ව්‍යායාම උපකරණ ඔබ වෙත රැගෙන එන්නෙමු. කුමන වෙළඳ නාමවලින් කුමන උපකරණ ඔබ ගේ ව්‍යායාම සඳහා තෝරා ගත යුතු ද යන්න පිළිබඳව ඔබට විශ්වාසයක් නොමැති නම්, ආරම්භයක් ලෙස ඉහත දක්වා ඇති තොරතුරු භාවිත කර උපකරණ තෝරාගැනීම සිදු කල හැකි ය.

READ THIS ARTICLE IN ENGLISH

Share this post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to Blog
has been added to your cart.
Checkout