ශ්‍රී ලංකාවේ දී ට්‍රෙඩ්මිල් යන්ත්‍රයක් මිල දී ගැනීමේ දී සලකා බැලිය යුතු ප්‍රධාන කරුණු 05ක්

Back to Blog
ට්‍රෙඩ්මිල් යන්ත්‍රයක් මිල දී ගැනීමේ දී සලකා බැලිය යුතු ප්‍රධාන කරුණු

ශ්‍රී ලංකාවේ දී ට්‍රෙඩ්මිල් යන්ත්‍රයක් මිල දී ගැනීමේ දී සලකා බැලිය යුතු ප්‍රධාන කරුණු 05ක්

වර්තමානයේ අපට බොහෝ විට අවශ්‍ය වන්නේ සෞඛ්‍ය සම්පන්න සහ පහසු ජීවිතයක් ගත කිරීමට යි. කෙසේ වෙතත්, ඔබගේ ජීවිතයේ සියලු සිහින සැබෑ කර ගැනීම සඳහා, ඔබට මුදල් අවශ්‍ය වන අතර ඒ නිසා කාර්යබහුල ජීවන රටාවක් වෙත පියමන් කිරීමට සියලු දෙනාට ම නිතැතින් ම සිදු ව තිබේ. ඔබ කැමති තෘප්තිමත් ජීවිතයක් ලබා ගැනීමට නම්, ඔබ වඩාත් කඩිසර විය යුතු ය. බොහෝ දුරට සෑම දිනක ම පාහේ කාර්යබහුල කාලසටහනක් අනුව වැඩකටයුතු කිරීමට සිදුවන නිසා ඔබට ව්‍යායාම කිරීමට සහ ඔබේ ශරීර සෞඛ්‍යය වැඩි දියුණු කිරීමට ඉතා අඩු කාලයක් දී පමණක් වෙන් කිරීමට සිදු වනු ඇත. ඒ නිසා කාලය කළමනාකරණය කරමින් නිවසේ සිට ව්‍යායාම කිරීමට යොමු වීම මගින් ඔබට වැඩි කාලයක් සහ උපරිම ඵලදායීතාවයකින් ව්‍යායාම සිදු කිරීමට අවස්ථාව හිමි වනු ඇත. ඊට අමතර ව ඔබ ව්‍යායාම සඳහා එළිමහනට හෝ ව්‍යායාම මධ්‍යස්ථානයකට යන්නේ නම්, වැසි දිනයක දී ව්‍යායාම කිරීමට පිටතට යාමට සිදුවීම ඔබ ව අධෛර්යමත් කරවනු ඇත. විශේෂයෙන් ම වර්තමානයේ පවත්නා ඉන්ධන අර්බුධය හමුවේ මෙය තවදුරටත් තීව්‍ර ව දැනෙනු ඇත. කෙසේ වෙතත්, මෙම Treadmill නම් වූ සංයුක්ත යන්ත්‍රයෙන් ඔබට එම අභ්‍යාස බොහොමයක් නිවසේ සිට කළ හැකි බව ඔබ දන්නවා ද?

මෙයට සමගාමී ව පෙර ලිපි දෙකකින්, අපි “ඔබේ නිවසට ට්‍රෙඩ්මිල් එකක් අවශ්‍ය වන්නේ ඇයි?” සහ “ඔබේ නිවසේ ට්‍රෙඩ්මිල් යන්ත්‍රය නඩත්තු කරන්නේ කෙ සේ ද?” යන්න විස්තර කර ඇත. ඔබ එම ලිපි කියවා නොමැති නම්, ඉහත මාතෘකා මත click කර ලිපි වෙත පිවිසෙන්න.

වඩාත් ම ගැලපෙන Treadmill යන්ත්‍රය තෝරා ගන්නේ කෙ සේ ද?

Treadmills වර්ග

Treadmill in Sri-Lanka

වඩාත් සුදුසු Treadmill තෝරාගැනීමේ මුලින් ම ට්‍රෙඩ්මිල් වර්ග පිලිබඳ ව සලකා බලමු. ට්‍රෙඩ්මිල් ප්‍රධාන වර්ග 5ක් ඇත.

  • Magnetic/Manual Treadmills (චුම්බක/මැනුවල් ට්‍රෙඩ්මිල්)
    චුම්බක බලය යොදා ගනිමින් ප්‍රතිරෝධය ඇති කරන මෝටර් රහිත ට්‍රෙඩ්මිල් චුම්බක ට්‍රෙඩ්මිල් ලෙස හැඳින්වේ. චුම්බක ඇදීම වැඩි කිරීමෙන් හෝ අඩු කිරීමෙන්, ඔබට වඩාත් අභියෝගාත්මක ව්‍යායාමයක් හෝ අඩු වෙහෙසකාරී ව්‍යායාමයක් කළ හැකි ය. භාවිතය, ගබඩා කිරීම සහ නඩත්තු කිරීමේ පහසුව නිසා බොහෝ අය මේවාට කැමති ය.
  • Electric/Motorized Treadmills (විදුලි/මෝටර් සහිත ට්‍රෙඩ්මිල්)
    මෙම වර්ගයේ ට්‍රෙඩ්මිල් බොහෝ විට පටි (belt) පද්ධතියක් සමග එන නිසා ඕනෑ ම පුද්ගලයෙකුට ව්‍යායාම කිරීමට වඩාත් සුවපහසු උපකරණයක් ලෙස හැඳින්විය හැකි ය. මීට අමතර ව, මෝටරය නිසා ට්‍රෙඩ්මිල් උපකරණය විවිධ වේග සහ විවිධ ආනති සැකසුම් ලබා දෙමින් රිසි සේ ව්‍යායාමයන් හි නිරත වීමට හැකියාව ලැබේ.
  • Hybrid Treadmills (දෙමුහුන් ට්‍රෙඩ්මිල්)
    Hybrid Treadmills වල විවිධ ප්‍රභේද කිහිපයක් ඇත. සාමාන්‍යයෙන්, හයිබ්‍රිඩ් ට්‍රෙඩ්මිල්වලට මෝටරයක් ඇත, නමුත් එය අවශ්‍ය විටෙක මෝටරයෙන් පටිය විසන්ධි කළ හැකි ය.
  • Commercial Treadmills (වාණිජ ට්‍රෙඩ්මිල්)
    මෙම වානිජ ට්‍රෙඩ්මිල් ලබා ගත හැකි ඉහළ ම තත්ත්වයේ ට්‍රෙඩ්මිල් වන අතර ව්‍යායාම් මධ්‍යස්ථානයක, ඉහළපෙලේ හෝටල් හෝ භෞත චිකිත්සක සායනයක පවා දෛනික පැය ගණනක භාවිතයට ඔරොත්තු දෙන ලෙස මේවා නිර්මාණය කර ඇත. ඒවා සාපේක්ෂ ව මිල අධික වන අතර ගෘහස්ථ භාවිතයට අවශ්‍ය නො වන බැවින් ඒවා සාමාන්‍යයෙන් පාරිභෝගිකයින්ට කෙලින් ම ඇනවුම් කිරීමට හැකියාව නැත. ESER.LK වෙබ් අඩවිය ඔස්සේ විමසීම (Inquiry) හරහා ඔබට අවශ්‍ය වාණිජ ට්‍රෙඩ්මිල් උපකරණ ඇනවුම් කිරීම ඉතා පහසුවෙන් කල හැකි ය.

    වාණිජ සහ ගෘහ ට්‍රෙඩ්මිල් අතර ඇති වෙනස්කම් මොනවා ද? බොහෝ වානිජ යන්ත්‍රවල වඩාත් සංකීර්ණ කම්පන අවශෝෂක පද්ධතියක් (අප විසින් ගෙන්වා බෙදාහරිනු ලබන BH හා Reebok සන්නාමයන් යටතේ ඇති ගෘහස්ථ ට්‍රෙඩ්මිල් යන්ත්‍ර ද වඩාත් සංකීර්ණ කම්පන අවශෝෂක පද්ධතියකින් සමන්විත ය.) සහ ගෘහ මාදිලිවලට වඩා විශාල තට්ටුවක් (deck එකක්) ඇත. ප්‍රබල මෝටර නිසා වාණිජ මට්ටමේ ට්‍රෙඩ්මිල් උපකරණවලට සාමාන්‍ය නිවසේ භාවිතයට සකසන ලද ට්‍රෙඩ්මිල් උපකරණයකට සාපේක්ෂ ව 20% සිට 30% දක්වා ඉහළ ධාවන වේගයකට ළඟා විය හැකි ය (ඇතැම් ඒවා පැයට කිලෝමීටර් 20 දක්වා පවා යා හැකි ය).
  • Medical Treadmills (වෛද්‍ය ට්‍රෙඩ්මිල්)
    රෝගීන් සඳහා වෛද්‍ය සායන සහ රෝහල්වල භාවිත කරන ට්‍රෙඩ්මිල් කාණ්ඩයකි. ව්‍යායාම මගින් හෘදයේ අඛණ්ඩ විද්‍යුත් හෘද පටිගත කිරීමක් (electrocardiogram recording – ECG) ලබා ගැනීමට Medical Treadmills භාවිතා කරයි. Medical Treadmills භාවිතය සාමාන්‍යයෙන් සෞඛ්‍ය මට්ටම අනුව පුද්ගලයන් ගෙන් පුද්ගලයන් ට වෙනස් වේ.

Monitoring and Programs (ට්‍රෙඩ්මිල් තිරය සහ වැඩසටහන්)

Treadmill Monitoring and Programs

ට්‍රෙඩ්මිල් වල බොහෝ විට හෘද ස්පන්දන නිරීක්ෂකයන් මගින් පැවසෙන දත්ත නිවැරදි බව සැලකිය හැකි ය. සමහර ට්‍රෙඩ්මිල් වල පීලි මත ඇති ස්පන්දන සංවේදක හරහා ඔබේ හෘද ස්පන්දන වේගය කියවනු ලබයි. සමහර ඒවා සතු ව සංවේදක උපකරණයක් ඔබේ පපුව අසලින් සවි කළ හැකි ය.

Treadmill මත පෙර සැකසූ වැඩසටහන් මොනවා ද?

මෙම ට්‍රෙඩ්මිල්වල ඇති නව සහ වැඩිදියුණු කළ මෘදුකාංග වැඩසටහන් හේතුවෙන්, ඔබට දැන් ඔබේ ඉලක්කගත හෘද ස්පන්දන වේගය සැකසිය හැකි අතර, ඔබ ව්‍යායාම කරන අතරතුර ඔබේ ඉලක්කගත පරාසය තුළ ඔබේ හෘද ස්පන්දන වේගය පවත්වා ගැනීමට වැඩසටහන ස්වයංක්‍රීය ව තීව්‍රතා මට්ටම නිරීක්ෂණය කර සකසනු ඇත. ඔබේ බර අඩු කර ගැනීම සහ යෝග්‍යතා ඉලක්ක උපරිම කර ගැනීමට හොඳ ම ක්‍රමය මෙය යි.

Maximum User Weight (උපරිම පරිශීලක බර)

Maximum user Weight

සාමාන්‍යයෙන්, පහළ අන්තයේ ට්‍රෙඩ්මිල් රාත්තල් 200 සහ 300 අතර පවතින අතර, ඉහළ මාදිලි බොහෝ විට රාත්තල් 300 සිට රාත්තල් 450 දක්වා ඉහල බර සීමාවක් දැරිය හැකි ලෙස සකසා ඇත. එ බැවින්, ඔබ බරින් වැඩි අයෙක් නම්, ට්‍රෙඩ්මිල් එකක් මිල දී ගැනීමට පෙර, මෙය මතක තබා ගන්න.

Shock Absorption (කම්පන අවශෝෂණය)

Home fitness treadmill

කම්පන අවශෝෂණ ලක්ෂණයක් සහිත ට්‍රෙඩ්මිල් එකක් මත දිවීම (ධාවනය) මගින් සමස්තයක් ලෙස ඔබේ ශරීරයට සහ සන්ධිවලට ඇති වන බලපෑම 40% කින් පමණ අඩු කළ හැකි ය. මෙ මගින් ට්‍රෙඩ්මිල් එකක් භාවිතා කරන විට සිදුවන ආබාධ අඩු වන අතර ඔබට වැඩි කාලයක් ආරක්ෂිත ව ධාවනය කිරීමට ඉඩ සලසයි.

ට්‍රෙඩ්මිල් කම්පන අවශෝෂණ පද්ධතියක පරමාර්ථය වන්නේ එය මෘදු කිරීම නො ව, ඔබ ධාවනය කරන විට ඔබේ බර වමේ සිට දකුණට මාරු වන විට එය ආරක්ෂිත කිරීමයි. පහත දැක්වෙන්නේ ට්‍රෙඩ්මිල් මත ඇති කම්පන අවශෝෂණ පද්ධති වර්ග දෙකකි.

  • Springs – මෙය මුලින් ම සම්පීඩනය කර යම් ශක්තියක් අවශෝෂණය කර ඉතිරි ප්‍රමාණය ශරීරයට බෙදා හරිනු ලබයි.
  • Variable-Durometer Elastomer Cushions – මෙය බලපෑමෙන් යම් ශක්තියක් අවශෝෂණය කරයි. ඒවායේ ක්‍රියාකාරීත්වය සහ ඉහල තාක්ෂනය හේතුවෙන් බොහෝ වාණිජ සහ මිල අධික ට්‍රෙඩ්මිල්වල දක්නට ලැබේ.

Safety Features (ආරක්ෂිත විශේෂාංග)

Emergency Stop – නවීන ට්‍රෙඩ්මිල් සාමාන්‍යයෙන් හදිසි නැවතුම් තාක්‍ෂණයකින් (emergency stop) සමන්විත වේ. නිසි ලෙස භාවිතා කරන විට, අනතුරු විශාල ලෙස අඩු කිරීම සඳහා මෙම ආරක්ෂණ අංගයන් අන්තර්ගත කොට ඇත.

Safety Key – ආරක්ෂිත යතුරු යනු නවීන ට්‍රෙඩ්මිල් විසින් පිරිනමනු ලබන විශේෂාංග අතරින් එක් කොටසක් පමණක් වන අතර එය විශේෂයෙන් නිවසේ දී ට්‍රෙඩ්මිල් ආරක්ෂිත කිරීමට උපකාරී වේ.

Safety Switch – ආරක්ෂිත ස්විචය යනු ට්‍රෙඩ්මිල් මත ඇති ස්වයංක්‍රීය ආරක්ෂක උපාංගයකි. බොහෝ ට්‍රෙඩ්මිල්වල ට්‍රෙඩ්මිලයේ ප්‍රේරක ප්‍රදේශයෙන් ආරක්ෂිත ස්විචය ඉවතට ගත් විට, ට්‍රෙඩ්මිල් එක වහා නවත්වා අනතුරු ඇඟවීමේ ශබ්දයක් නිකුත් කරමින් ව්‍යායාම කරන විට පරිශීලකයා පෙරළීමෙන් හා තුවාල වීමෙන් ආරක්ෂා කරයි.

Safety Clip – බොහෝ ට්‍රෙඩ්මිල්වල රතු නූලක් සහිත ක්ලිප් එකක් ඇති අතර එය ට්‍රෙඩ්මිල් එකේ යතුරකට සම්බන්ධ වේ. ආරක්ෂාව සහතික කිරීම සඳහා ට්‍රෙඩ්මිල් භාවිතා කරන අතරතුර ක්ලිප් එක සැමවිට ම පරිශීලකයාගේ ඇඳුමට සම්බන්ධ කළ යුතු ය. පරිශීලකයා යම් හෙයකින් වැටෙන අවස්ථාවක දී, ක්ලිප් එක ට්‍රෙඩ්මිල් එකෙන් විසන්ධි වන අතර එසැනින් ට්‍රෙඩ්මිල් යන්ත්‍රයේ පටිය නතර වන අතර තුවාල වීමේ සම්භාවිතාව ඉතා අවම කරයි.

Find the best-suited treadmill for you from our collection on Eser Marketing International.

භාවිතයට පෙර ට්‍රෙඩ්මිල් ආරක්ෂණ උපදෙස්

  • නිෂ්පාදකයා ගේ අත්පොත කියවන්න
  • Treadmill එක වටා ප්‍රමාණවත් ඉඩක් ඇති පරිදි සුදුසු ස්ථානයක තබන්න
  • ඔබේ ට්‍රෙඩ්මිල් උපකරණය සුදුසු ප්‍රමාණයෙන් සහ බල ගැන්වී ඇත්දැයි තහවුරු කරන්න

භාවිතය අතරතුර ට්‍රෙඩ්මිල් ආරක්ෂණ උපදෙස්

  • ඔබේ ඇඳුමට ආරක්ෂිත යතුර සවි කිරීමට වග බලා ගන්න
  • ට්‍රෙඩ්මිල් එකට නගින විට සහ බසින විට ආරක්‍ෂිත ව සිදු කරන්න
  • මොනිටරයේ ඇති කියවීම් කෙරෙහි අවධානය යොමු කරන්න
  • නිසි ඇඳුම් හා ආම්පන්න පළඳින්න

භාවිතයෙන් පසු ට්‍රෙඩ්මිල් ආරක්ෂණ උපදෙස්

  • ආරක්ෂිත යතුර ඉවත් කරන්න
  • ක්‍රියා විරහිත කර විසන්ධි කරන්න
  • යන්ත්‍රය නිසිලෙස නවා සුදුසු ස්ථානයක ගබඩා කර තබන්න
Read this article in english

Share this post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to Blog
has been added to your cart.
Checkout