දුර්වල දණහිස් සඳහා ව්‍යායාම ලබාදීමට හොඳ ම Exercise Bikes 5ක්: නවකයින් සඳහා මගපෙන්වීමක් ලෙස
හැදින්වීම
ඔබ සිටින්නේ ජීවිතයේ කුමක් අවදියක වුවත්, අප සෑම කෙනෙකු ම අපේ ශරීරයේ අවයව සෞඛ්‍ය සම්පන්න ව තබා ගැනීම ගැන වැඩි අවධානයක් යොමු කළ යුතු ය. ඒ සඳහා Cardio ව්‍යායාම නිසැක ව ම ප්‍රධාන අංගයකි. විශේෂයෙන් ඔබ වයසින් වැඩි හෝ මැදි වයසේ අයෙකු නම් දණහිසේ ආතරයිටීස් රෝගයට එරෙහි ව සටන් කිරීමට උත්සාහ කරන්නේ නම්, එයට උපයෝගී කරගත හැකි උසස් ම තත්ත්වයේ ව්‍යායාම පාපැදියක් (Exercise Bike) තිබීම ඉතා වැදගත් වේ.
Cardio ව්‍යායාම සඳහා ලබා ගත හැකි පුළුල් පරාසයන්ගෙන් යුත් Exercise Bikes (ව්‍යායාම පාපැදි) පිළිබඳ අප සලකා බලමු. වඩාත් සුවපහසු ලෙස ව්‍යායාම සිදුකිරීම සඳහා spinning bikes, air bikes ඇතුළු exercise bikes උපයෝගී කරගත හැකි ය.

වේදනාකාරී සන්ධි හෝ වෙනත් ඕනෑ ම දණහිසේ ගැටලුවක් තිබියදීත් Exercise Bikes මගින් ව්‍යායාම කිරීමෙන් වඩා වැඩි ප්‍රතිඵලයක් ලබාගත හැකි ය.
වෙළඳපොලේ Stationary Bikes වර්ග සහ වෙළඳ නාම විශාල ප්‍රමාණයක් තිබේ. නමුත් දිගු කාලීනව ඔබේ දණහිසේ හෝ ආතරයිටිස් රෝගයට එරෙහි ව සටන් කිරීමට උපකාරී වන Exercise Bike එකක් තෝරා ගැනීම එ තරම් පහසු නැත. ඔබේ අවශ්‍යතාවයට සරිලන නිවැරදි Exercise Bike එකක් සොයා ගැනීම තරමක් දුෂ්කර විය හැකි නිසා මෙම ලිපියේ ඉතිරි කොටස ඔබට බෙහෙවින් ප්‍රයෝජනවත් වනු ඇත.
බොහෝ Exercise Bikes වල විශේෂාංග, වාසි සහ අවාසි සහ දණහිසේ ආබාධයක් ඇති අයෙකුට භාවිතා කිරීමට සුදුසු වෙළඳපොලේ ඇති හොඳ ම Exercise Bikes පළිබඳ දැන් විමසා බලමු.
දුර්වල දණහිස් සඳහා ව්‍යායාම ලබාදීමට හොඳ ම Exercise Bikes 5ක්
ආතරයිටිස් සහ දණහිසේ රෝග සඳහා හොඳ ම Exercise Bikes 5ක් පහත දැක්වේ. භාවිතය සහ ව්‍යායාම පදනම් කරගෙන අපි ඒවා තෝරාගෙන ඇති අතර මේ සියල්ල ඔබේ සන්ධිවලට ඉතා හොඳ ව්‍යායාමයක් සිදුකිරීමට උපකාරී වේ.
1. P 540 Spin Bike

මෙම Exercise Bike එක මගින් ඔබ ට නිවසේ දී ම ව්‍යායාම සිදුකල හැකි ය. දම්වැල මගින් ශක්ති සම්ප්‍රේෂණය වන පද්ධතියක්, තිරස් අතට සකස් කළ හැකි handlebar, වේලාව, Dis, Cal, Speed දැක්වෙන පරිගණක පද්ධතියක්, Plastic W/Balanced & straps සහිත ඝර්ෂණ තිරිංග පද්ධතියක් ද සමගින් P 540 Spin Bike උපකරණය සමන්විත වේ. ඔබේ දණහිසේ ගැටලු සඳහා මෙය ඉතා හොඳ උපකරණයක් ලෙස නම් කල හැකි ය.
CHECK IT OUTප්‍රධාන වාසි:
- එක් එක් ව්‍යායාම ඉලක්ක සඳහා සැකසීමට සහ නිරීක්ෂණය කිරීමට හැකි ය.
- ශක්තිමත් ව්‍යුහය.
- විවිධ මට්ටමේ ව්‍යායාමවලට හොඳ නම්‍යශීලී බවක් ඇති උපකරණයකි.
2. Tokyo H9181

මෙම Exercise Bike එක මගින් ද ඔබ ට නිවසේ දී ම ව්‍යායාම සිදුකල හැකි ය. Poly-V Belt Transmission system, Triathlon handlebar, වැඩි කාලයක් භාවිත කිරීමේ හැකියාව (සතියකට පැය 20 දක්වා) සහ චුම්භක තිරිංග පද්ධතියක් (Magnetic brake system) තිබීම Tokyo H9181 හි විශේෂත්වයන් ලෙස සැලකිය හැකි ය. ඔබේ ව්‍යායාමවල විවිධත්වය අනුව මෙ ම උපකරණය ඔබට බොහෝ අවස්ථාවන් හි ප්‍රයෝජනයට ගත හැකි ය. පොදුවේ ගත් කල, Tokyo H9181 යනු විශිෂ්ට පාපැදියකි. නිසැක ව ම, වෙළඳපොලේ නිවස සඳහා හොඳ ම උපකරණවලින් එකකි.
CHECK IT OUTප්‍රධාන වාසි:
- සුමට ව ක්‍රියා කිරීම.
- සවි කරගැනීම ඉතා පහසු ය.
- පුළුල් පරාසයක ව්‍යායාම සිදු කිරීම ට උපකාරී වීම.
- Ergonomic design නිසා ඔබේ වේදනාකාරී සන්ධි සඳහා වඩාත් යෝග්‍ය වේ.
3. UpRight Bike WH-1065U

මෙම Exercise Bike එක මගින් ද ඔබ ට නිවසේ දී ම ව්‍යායාම සිදුකල හැකි ය. ආතරයිටිස් සමග සටන් කරන පුද්ගලයින්ට වඩාත් ගැලපෙන නව ආකර්ෂණීය බයිසිකලයක් ලෙස මෙය හැඳින්විය හැකි ය. Silent magnetic control system (චුම්භක පාලන පද්ධතියක්), adjustable modern handlebar, 5.5″ LCD screen Monitor සහ Magnetic brake system (චුම්භක තිරිංග පද්ධතියක්) සමග එය නිසැක ව ම විශිෂ්ට වගකීමක් ලබා දෙන බයිසිකලයකි.
CHECK IT OUTප්‍රධාන වාසි:
- පුළුල් පරාසයක ව්‍යායාම සිදු කිරීම ට උපකාරී වීම.
- වඩා විශාල LCD තිරය
- පහසුවෙන් ආසනය (Seat) සකස් කිරීම ට හැකි වීම, වාඩි වී සිටිය දී පවා සකස් කළ හැකි වීම.
- සරල නිමාව
4. Air Bike (Semi-Commercial)

Air bikes වලට එ ම නම භාවිතා කරන්නේ ඔවුන් භාවිතා කරන ප්‍රතිරෝධක පද්ධතිය නිසා ය. Flywheel (පියාසර රෝදය) ට සම්බන්ධ පංකා (Fans) සවි කර ඇති හෙයින් (ඔබ බයිසිකලයක් පැදවීමේ දී කැරකෙන කොටස) ප්‍රතිරෝධයක් ඇති කිරීමට මෙ ම යන්ත්‍ර වාතය භාවිතා කරයි. මෙ ම පංකා (Fans) කැරකෙන විට, වාතය හරහා තල්ලු කර ප්‍රතිරෝධය ගොඩනගා ගැනීම් සිදු කරයි. මෙම Exercise Bike එක මගින් ද ඔබ ට නිවසේ දී ම ව්‍යායාම සිදුකල හැකි ය. එ මෙන් ම Air bike එකක් නිසා ව්‍යායාම මධ්‍යස්ථාන සඳහා ද ඉතා හොඳ උප්දකරණයකි. මෙ ම ප්‍රතිරෝධක ක්‍රමය ව්‍යායාම සඳහා විශිෂ්ට ය. හේතුව එය ඔබට අසීමිත ව විභව ප්‍රතිරෝධයක් ලබා දෙන බැවිනි. සාමාන්‍ය ව්‍යායාම බයිසිකලයක් හෝ elliptical උපකරණයක උපරිම ප්‍රතිරෝධක සැකසුමක් නොමැත. ඔබේ ව්‍යායාමයන් සරල ව සිදු කරගැනීමට අවශ්‍ය නම්, මෙය ඔබ සඳහා වන පාපැදිය යි.
CHECK IT OUTප්‍රධාන වාසි:
- 4-ආකාරයකින් සකස් කළ හැකි ආසනය
- සුවපහසු ආසනය නිසා වැඩි වෙලාවක් වේදනාවකින් තොර ව ව්‍යායාම කල හැකි වීම
- ශක්තිමත් ව්‍යුහය
5. ORB 2000 Body Strider

මෙම Body Strider උපකරණය මගින් ඔබ ට නිවසේ දී ම ව්‍යායාම සිදුකල හැකි ය. දිගු කාලීන නඩත්තු රහිත භාවිතය සඳහා රාමුවේ සෑම කොටසක්ම සහ ව්‍යුහාත්මක ලෙස කල් පවතින ලෙස ආවරණය කර ඇත. ORB 2000 Body Strider ද දැරිය හැකි මිලකට, ශක්තිමත් ව්‍යායාම උපකරණ සඳහා Body Strider යටතේ ඉතාමත් ජනප්‍රිය මාදිලියක් ලෙස නම් කල හැකි ය.
CHECK IT OUTප්‍රධාන වාසි:
- ශරීරයේ පහළ මාංශ පේශි ගොඩනැගීම, එ නම් quads, hamstrings, calves & glutes ගොඩනැගීම සඳහා විශේෂිත වේ.
- විවිධ ප්‍රතිරෝධක මට්ටම් නිසා ව්‍යායාම වල හොඳ නම්‍යශීලී බවක් ඇති කර ගත හැකි වීම.
- නිශ්චිත ව කකුලේ මාංශ පේශි ඉලක්ක කර ව්‍යායාම කල හැකි වීම.
- පුළුල් පරාසයක ව්‍යායාම කල හැක වීම.
නිගමනය
ඔබ Exercise Bike (ව්‍යායාම සඳහා බයිසිකලයක්) ලබා ගැනීමට පෙර, එයින් ලබා දෙන සියලු ම අංගයන් ගැන සලකා බැලිය යුතු ය. ඔබ විශිෂ්ට කාර්යක්ෂමතාවයක් සහිත ව සුවපහසු ලෙස ව්‍යායාම සිදු කල හැකි උපකරණයක් මිල දී ගැනීමට සැලකිලිමත් විය යුතු ය.
මෙහි විස්තර කරන ලද සියලු ම පාපැදි (Exercise Bikes) බොහෝ දුරට සියලු නිර්ණායක ආවරණය කරන අතර පුළුල් පරාසයක ව්‍යායාමයන් සඳහා යෝග්‍ය වේ.
Leave a Reply