ශ්‍රී ලංකාවේ හොඳ ම වාණිජ මට්ටමේ ව්‍යායාම උපකරණ සන්නාම
උසස් තත්ත්වයේ වාණිජ මට්ටමේ ව්‍යායාම උපකරණ යනු ඕනෑ ම ව්‍යායාම මධ්‍යස්ථානයක ප්‍රධාන සහ වැදගත් ම අංගය යි. ව්‍යායාම් මධ්‍යස්ථානයකට යන විට, ඔබ බොහෝ විට සොයන පළමු දෙය වන්නේ උපකරණවල තත්වය සහ සන්නාමය යි. මේ සඳහා, ව්‍යායාම මධ්‍යස්ථානවල තත්වයෙන් උසස්, ඉහල ම මට්ටමේ වෙළඳ නාමවල ඉහළ ම වාණිජ ව්‍යායාම උපකරණ තිබිය යුතු ය. ඉතා හොඳ සන්නාම සහිත ඉහළ ම මට්ටමේ වාණිජ ව්‍යායාම උපකරණ ආරක්ෂාව සහ කාර්යක්ෂමතාව අතින් ද ඉතා ඉහල වේ.
2020 සහ 2021 COVID-19 තත්ත්වයත් සමග, ඉතා ඉහල මට්ටමේ ඇති වාණිජ ව්‍යායාම සන්නාම සඳහා මේ වන විට ඉතා ඉහළ ඉල්ලුමක් පවතින බව කිව හැකි ය.
ඔබ ශාරීරික යෝග්‍යතාවය සඳහා කැපවන අයෙක් නම්, ව්‍යායාම් උපකරණ සහ වෙළඳනාම ගැන දැනගෙන සිටීම වැදගත් වන අතර එ මගින් ඔබට සරිලන හොඳ ම උපකරණය දැරිය හැකි මිලකට ලබා ගැනීමට හැකි වේ. මෙම ලිපියෙන්, අපි ශ්‍රී ලංකාවේ ඉහළම මට්ටමේ ඇති වාණිජ ව්‍යායාම උපකරණ සන්නාමයන් පිළිබඳ සැකෙවින් අවබෝධයක් ලබා දීමට උත්සාහ කරමු. පහත දැක්වෙන්නේ 2021 වෙළඳපොලේ ඇති වඩාත් ජනප්‍රිය සුඛෝපභෝගී වාණිජ ව්‍යායාම උපකරණ සන්නාම කිහිපයකි. මෙ ම වෙළඳ නාම සහ උපකරණ ඔබේ ව්‍යායාම මධ්‍යස්ථානයේ අත්දැකීම මීළඟ මට්ටමට ගෙන ඒමට උපකාරී වනු ඇත.
ශ්‍රී ලංකාවේ හොඳ ම වාණිජ මට්ටමේ ව්‍යායාම උපකරණ සන්නාම
1. BH FITNESS

BH Fitness යනු සියවසකට වැඩි ඉතිහාසයක් හිමි සමාගමක් වන BH සමූහයේ සමාගමකි. සියවසකට වැඩි කාලයක් උතුරු ස්පාඤ්ඤයේ මූලස්ථානය පිහිටා ඇති අතර, BH සමූහය Beistegui Brothers (ස්පාඤ්ඤ භාෂාවෙන් Beistegui Hermanos) නමින් නම් කර ඇත. ඔවුන් දශක ගණනාවක් තිස්සේ වානේ නිෂ්පාදනය කර ඇති අතර අවසානයේ ඔවුන්ගේ අවධානය ශාරීරික යෝග්‍යතාව සඳහා අවශ්‍ය උපකරණ නිර්මාණය සඳහා යොමු කරන ලදී. ඔවුන්ගේ BH ශාරීරික යෝග්‍යතා අංශය 1960 දශකයේ දී පමණ ආරම්භ කර ඇත. BH Fitness සන්නාමය ශ්‍රී ලංකාවේ ඉතා ජනප්‍රිය ව්‍යායාම උපකරණ සන්නාමයන් අතරින් ප්‍රමුඛතම සන්නමයකි.
BH Fitness සන්නාමය යටතේ උසස් ම තත්ත්වයේ ශරීර යෝග්‍යතා උපකරණ නිෂ්පාදනය කරන අතර Eser Marketing International සමග අනුබද්ධ වී, එ ම නිෂ්පාදනයන් ශ්‍රී ලංකාවට ගෙන්වීම හා බෙදාහැරීම සිදු කරනු ලබයි.
Check out the BH Fitness commercial gym equipment2. BODYONE

BodyOne සන්නාමය Eser Marketing International විසින් හඳුන්වා දෙනු ලැබුවේ කල් පවතින යෝග්‍යතා සහ ව්‍යායාම් උපකරණ පෙළගැස්මක් ලෙසිනි. BodyOne සන්නාමය, Exercise Bikes උපකරණවල සිට විශාල උපකරණ පරාසයක් දක්වා හිමිකම් කියන සන්නමයකි. තත්ත්ව පාලනය සහ අලෙවියෙන් පසු සේවය නිසා වාණිජ මට්ටමේ මෙන් ම නිවසේ දී ව්‍යායාම කරන අයට ද, BodyOne නිෂ්පාදන සමග වසර ගණනාවක සිට ඉතා හොඳ සබඳතාවයක් ඇත.
Check out the BodyOne commercial gym equipment3. REEBOK FITNESS

Reebok සන්නාමය යටතේ 1950 දී පමණ සිට ශාරීරික යෝග්‍යතා සහ ක්‍රීඩා ඇඳුම් වෙළඳපොලේ ඇත. Reebok සන්නාමයෙන් Cross-trainer, Treadmills (ට්‍රෙඩ්මිල්) සහ අනෙකුත් ව්‍යායාම උපකරණ නිෂ්පාදනය කරයි. Reebok හි ඉතිහාසය බැලූ විට, මුලින් ම බ්‍රිතාන්‍යයේ ආරම්භ කරන ලද අතර 2005 සිට එය Adidas හි අනුබද්ධිත ආයතනයක් විය.
Check out the Reebok Fitness commercial gym equipment4. ADIDAS

Adidas විසින් වාණිජ මට්ටමේ ව්‍යායාම උපකරණ/යන්ත්‍ර මෙන් ම නිවසේ භාවිතය සඳහා ද ව්‍යායාම උපකරණ නිර්මාණය කර ඇත. ඔවුන්ගේ නිෂ්පාදන අතර Treadmills (ට්‍රෙඩ්මිල්), Benchs, Sports Rigs සහ අනෙකුත් ව්‍යායාම උපකරණ ප්‍රමුඛ වේ. Adidas මූලස්ථානය ජර්මනියේ පිහිටා ඇති අතර වාණිජ සහ ගෘහස්ථ ශරීර යෝග්‍යතා අංශ දෙකෙ හි ම ප්‍රමුඛයා ලෙස Adidas සන්නාමය හඳුන්වා දිය හැකි ය.
Check out the Adidas gym equipment5. BODY SOLID

වාණිජ යෝග්‍යතා උපකරණ නිෂ්පාදනය කරන ප්‍රමුඛ පෙළේ නිෂ්පාදකයෙකු ලෙස, Body-Solid සන්නාමය හැඳින්විය හැකි ය. එ මෙන් ම ඔබට නිවසේ දී භාවිත කිරීම සඳහා පුළුල් පරාසයක ව්‍යායාම උපකරණ පෙළක් ද ඔවුන් සතුව ඇත. නමුත් ඔවුන් වඩාත් ප්‍රචලිත වන්නේ Multi Station Gym ව්‍යායාම පද්ධති එකතුව සඳහා ය.
Check out the Body-Solid commercial gym equipment6. MATRIX

Matrix යනු වාණිජ යෝග්‍යතා උපකරණවල කීර්තිමත් නාමයක් වන අතර Johnson Health Tech, Ltd. (JHT) හි අනුබද්ධිත ආයතනයකි. Johnson Health Tech 1975 සිට තෝරාගත් ශාරීරික යෝග්‍යතා උපකරණ නිෂ්පාදනය කරමින් සිටින අතර ලොව වේගයෙන්ම වර්ධනය වන යෝග්‍යතා උපකරණ නිෂ්පාදකයකු ලෙස හැඳින්විය හැකි වේ. එය ISO 9001 සහ 9002 සහතික දෙක ම ලබා ඇත. ලොව පුරා අනුබද්ධිත සමාගම් 16ක් සමගින් JHT හට වෙළඳපොලේ වඩාත් ම තාක්‍ෂණික ව දියුණු උපකරණ නිෂ්පාදනය කිරීමට හැකියාව ලැබී ඇත.
Check out the Matrix commercial gym equipment7. STEELFLEX

Steelflex යනු Steelflex Fitness Global Equipment හි අනුබද්ධිත අංශයක් වන අතර ශාරීරික යෝග්‍යතා උපකරණ අතර ප්‍රමුඛ නාමයකි. වාණිජ මට්ටමේ මෙන් ම නිවසේ දී ව්‍යායාම කරන අයට ද ඉතා හොඳ ව්‍යායාම උපකරණ පෙළක් Steelflex Fitness සන්නාමය යටතේ හඳුන්වා දී ඇත.
Check out the Steelflex commercial gym equipment8. VISION FITNESS

Vision Fitness යනු Johnson Health Tech සතු තවත් සන්නාමයකි. Vision Fitness යටතේ Treadmills (ට්‍රෙඩ්මිල්) සහ Ellipticals වැනි ශාරීරික යෝග්‍යතා උපකරණ පරාසයක් නිෂ්පාදනය කරනු ලබයි.
Vision Fitness 1993 දී Trek Bicycle සමාගමේ අනුබද්ධිත ආයතනයක් ලෙස ආරම්භ විය.
Check out the Vision Fitness commercial gym equipment9. HORIZON FITNESS

Horizon Fitness සාධාරණ මිල ගණන් යටතේ කල් පවත්නා සහ නව්‍ය ව්‍යායාම උපකරණ සඳහා ප්‍රසිද්ධ ය. වාණිජ මට්ටමේ මෙන් ම නිවසේ දී ව්‍යායාම කරන අයට ද ඉතා හොඳ ව්‍යායාම උපකරණ පෙළක් Horizon Fitness සන්නාමය යටතේ හඳුන්වා දී ඇත.
Check out the Horizon Fitness commercial gym equipment10. OUTDOOR FITNESS

එළිමහනේ ශාරීරික යෝග්‍යතාව සිදුකිරීම සඳහා අප ගේ Outdoor Fitness නිෂ්පාදන Double Column Outdoor Fitness (ද්විත්ව තීරු එළිමහන් යෝග්‍යතා) සහ Single Column Outdoor Fitness (තනි තීරු එළිමහන් යෝග්‍යතා) යන නිෂ්පාදන කාණ්ඩවල විවිධ එළිමහන් යෝග්‍යතා උපකරණ රාශියක් සපයයි. සියලු ම වර්ගයේ උසස් තත්ත්වයේ එළිමහන් ශාරීරික යෝග්‍යතා උපකරණ සඳහා විස්තර දැනගැනීමට අප ව සම්බන්ධ කරගන්න.
Check out the Outdoor Fitness commercial gym equipmentREAD THIS ARTICLE IN ENGLISH
Leave a Reply