ව්‍යායාම කිරීම දිගු කාලීන ව විශාල ආයෝජනයක් වන්නේ ඇයි?

Back to Blog

ව්‍යායාම කිරීම දිගු කාලීන ව විශාල ආයෝජනයක් වන්නේ ඇයි?

හැඳින්වීම: ව්‍යායාම මෙතරම් විශාල ආයෝජනයක් වන්නේ ඇයි

ව්‍යායාමවල වටිනාකම ගැන සිතන විට ව්‍යායාම මගින් ලැබෙන භෞතික ප්‍රතිලාභ කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත් වේ. නිතිපතා ව්‍යායාම කිරීම මගින් දිගුකාලීන සෞඛ්‍ය ප්‍රතිලාභ මෙන් ම ආර්ථික ප්‍රතිලාභ ද හිමි වේ. ශාරීරික ව්‍යායාම අපගේ මානසික හැකියාවන් කෙරෙහි ද සෘජු බලපෑමක් ඇති කරන බව පෙන්වා දී ඇත. ඉතින්, නිතිපතා ව්‍යායාම කිරීම එ තරම් විශාල දිගුකාලීන ආයෝජනයක් වන්නේ ඇයි? දැ යි තවදුරටත් විමසා බලමු.

එය ඇදහිය නො හැකි තරම් ස්ථාවර ප්‍රතිඵල සපයයි

ජීවිතයේ සෑම අංගයක් තුළ ම ඔබේ පාලනයෙන් පිටත නො දන්නා කරුණු සහ සාධක රාශියක් ඇත. මිනිසුන්ගේ ක්‍රියාවන් සහ ප්‍රතිචාර ඕනෑ ම ක්ෂේත්‍රයක ඔබේ උත්සාහයට සැලකිය යුතු බලපෑමක් ඇති කළ හැකිය. ඔබ ව්‍යාපාර, ක්‍රීඩා හෝ කලා ක්ෂේත්‍රයේ වැඩ කළත් මෙය සත්‍යයකි.

ඔබ කාලය සහ ශ්‍රමය යොදවන විට, ඔබේ ශරීරය පුරෝකථනය කළ හැකි ආකාරවලින් ප්‍රතිචාර දක්වයි. එම ක්‍රියාවලියට බාධා කිරීමට කිසිවෙකුට හැකියාවක් තිබේද?

ඔබේ ව්‍යායාමයන් හොඳින් ඉලක්ක කළ යුතු ය යන කාරණයෙන් ඉතා වැදගත් ය. එ මෙන් ම, සාමාන්‍ය ශක්ති මට්ටමක් සමඟ අඛණ්ඩව ක්‍රියාත්මක කරන ව්‍යායාම වැඩසටහනක් මගින් ඉතා හොඳ ප්‍රතිඵලයක් ලබා දිය හැකි ය.

කෙටි, මධ්‍යම සහ දිගු කාලීන වශයෙන් ඇති ව්‍යායාම ප්‍රතිලාභ

Return On Investment

බොහෝ විට ව්‍යායාමයන් හි ප්‍රතිඵල ක්ෂණික ව අත්විඳිය නො හැකි ය. ඔබ යම් ශක්තියකින් ව්‍යායාම කරන විට සිදු වන ඔබේ ජෛව රසායනයේ වෙනස්කම් අනුව කායික හා මානසික පිබිදීමක් ඇති වන නමුත් ඉන් ඔබ්බට තවත් විශාල ප්‍රතිලාභයන් රැසක් කෙටි, මධ්‍යම සහ දිගු කාලීන වශයෙන් ව්‍යායාමවලින් ලබාගත හැකි ය.

ව්‍යායාමයට ඔබේ සිතුවිලි සහ හැඟීම් පරිවර්තනය කිරීමේ බලය ඇත. එහි ප්‍රතිඵලයක් වශයෙන්, එය මානසික සෞඛ්‍ය අරමුණු සඳහා විශිෂ්ට උත්තේජනයක් ලබා දෙයි.

බර පුහුණු කිරීමේ (weight training) ප්‍රතිඵලයක් ලෙස කෙටි කාලීන ව මාංශ පේශි ශක්තිමත කිරීම, මේදය අඩුවීම සහ යෝග්‍යතාවයේ වර්ධනයන් නිරීක්ෂණය කිරීමට වැඩි අවකාශයක් හිමි වේ. ඔබට වැඩි ශක්තියක් සහ වඩා හොඳ මානසික සෞඛ්‍යයක් ද ලැබෙනු ඇති බව පමණක් නො ව; ඔබේ ජීවිතයේ වඩාත් ශුභවාදී ආකල්පයක් ද ඔබට ඇතිවනු ඇත.

ව්‍යායාම මගින් අස්ථිවල ඝනත්වය වැඩි කිරීම (enhanced bone density), අඩු රුධිර පීඩනය සහ වයසට යාමේ ක්‍රියාවලිය අඩු කරන සෛලීය මට්ටමේ වෙනස්වීම් වැනි දිගුකාලීන ප්‍රතිඵල මෙන් ම වෙනත් සෞඛ්‍ය ප්‍රතිලාභ රැසක් දිගුකාලීන ව ලැබේ. ඔබේ හදවත ප්‍රමාණයෙන් වර්ධනය වන අතර ඔබ වයසට යන විට වඩාත් කාර්යක්ෂම වේ. ඉන්සියුලින් වල ප්‍රතිලාභ සහ රුධිරයේ සීනි මට්ටම අඩු කිරීම මෙන් ම මෙ මගින් ඇති වන දියවැඩියාව වැනි රෝග තත්වයන් වඩාත් හොඳින් පාලනය කිරීම සඳහා උපයෝගී වේ.

වෘත්තීය මට්ටමේ සංවර්ධනය

Professional Developmen

ඔබේ රැකියාව ක්ෂණික ව ඉහළ නංවන සහ අහිතකර අතුරු ආබාධ නොමැති ඖෂධයක් ඔබ මසකට වරක් ගන්නවා ද? ඔබ එවැන්නක් අනිවාර්යයෙන් ම බලාපොරොත්තු වනු ඇත. මෙම බලපෑම් ඇත්ත වශයෙන් ම කිසිඳු ඖෂධයක් ගැනීමෙන් තොර ව ස්වභාවික ව ම ව්‍යායාම හරහා ලබා ගත හැකි ය.

නිතිපතා ව්‍යායාම කිරීමෙන් ආතති මට්ටම අඩු වන බැවින් සන්සුන් ව සිටීමට සහ කෝපය පාලනය කිරීම ට පහසුවක් වනු ඇත. චිත්තවේගීය බුද්ධිය (emotional intelligence) ඔබට ක්‍රියා කිරීමට පෙර සිතීමට ඉඩ දීමෙන්, ඔබට රැකියාවේ දී පසු ව පසුතැවිලි වන තීරණයන් ගැනීම වළක්වා ගැනීමට උපකාරී වේ.

ඔබේ මොළයේ ක්‍රියාකාරීත්වය වැඩි කිරීම මෙන් ම පිළිවෙලට වැඩකටයුතු කිරීමේ ඇති හැකියාව වැඩි කිරීම ද වැඩිදියුණු වේ. දිගු කාලීන ව ගතහොත් ඔබේ රැකියාවෙන් ඉහලට යාමට ඒවා සියල්ල ම තීරණාත්මක සාධක වනු ඇත.

ව්‍යායාම විශාල ආයෝජනයක් වන්නේ ඇයි?

Why is Exercise a Great Investment

එය අකල් මරණ අඩු කරයි

කෙට්ටු වීම බොහෝ දෙනෙකුට විශිෂ්ට සෞඛ්‍යයක් පෙන්නුම් කරයි. බර අඩු කර ගැනීම කෙරෙහි අවධානය යොමු කරනවා වෙනුවට, නව අධ්‍යයනවලින් පෙනී යන්නේ දිගු ජීවිතයක රහස නිතිපතා ව්‍යායාම කිරීමෙන් ක්‍රියාශීලී ව සිටීම බව යි. නව අධ්‍යයනයකට අනුව, අධික බර හෝ තරබාරු පුද්ගලයින් සඳහා මෙය විශේෂයෙන් ම සත්‍ය වේ. නවතම අධ්‍යයනයන්ගෙන් පෙන්නුම් කරන්නේ යෝග්‍යතාවය, ආහාර පාලනයට වඩා හෘද රෝග සහ අකල් මරණ අවස්ථා අඩු කරවීමට වැදගත් වන බවයි.

චලනය හා ජීව ශක්තිය පවත්වා ගනී

ඔබ වයසින් වැඩෙත් ම ඔබේ සිරුරේ ශාරීරික ක්‍රියාකාරකම් කිරීමේ හැකියාව අඩු වේ. නම්‍යශීලී බව හා වේගය ද අඩු වේ. කෙසේ වෙතත්, නිතිපතා ව්‍යායාම කිරීම මෙම ක්‍රියාවලිය මන්දගාමී කිරීමට උපකාරී වේ. වැඩිහිටි පුද්ගලයින්ට නිතිපතා ශාරීරික ක්‍රියාකාරකම්වල නියැලීමෙන් ඔවුන්ගේ හෘද වාහිනී යෝග්‍යතාවය, පරිවෘත්තීය සහ මාංශ පේශි ක්‍රියාකාරිත්වය සැලකිය යුතු තරම් තරුණ පුද්ගලයින්ගේ ක්‍රියාකාරිත්වයට සමාන ව ආරක්ෂා කර ගත හැකි ය. අධ්‍යයනවලින් පෙන්නුම් කර ඇත්තේ මැදි වයසේ දී වඩාත් ක්‍රියාශීලී වූ අයට වයසට යන විට තම සංචලනය සහ ඉරියව් පවත්වා ගත හැකි බව යි.

එය බුද්ධිය වැඩිදියුණු කරයි

ශාරීරික ක්‍රියාකාරකම් මගින් මොළයට රුධිර ප්‍රවාහය වැඩි කිරීමෙන් මොළයේ ක්‍රියාකාරිත්වය පවත්වා ගැනීම වැඩිදියුණු කළ හැකි ය. එවිට ජීවිත කාලය පුරා ම හොඳ මතකයක් සහ මානසික යහපැවැත්මක් ඇති වේ.

ඔබට වඩාත් කාර්යක්ෂම ව වැඩ කිරීමට හැකියාව ලැබේ

පර්යේෂණයන්ට අනුව, අවම වශයෙන් සතියකට තුන් වතාවක් ව්‍යායාම කරන පිරිමි පුද්ගලයන්, එසේ නො කරන අයට වඩා 6% ක පමණ වැඩි ක්‍රියාශීලීත්වයක් පවත්වා ගන්න අතර එසේ කරන කාන්තාවන් 10% වැඩි ක්‍රියාශීලීත්වයක් පවත්වා ගනී. නිතිපතා ව්‍යායාමයේ ප්‍රතිඵලයක් ලෙස, ඔබේ මොළයට රුධිර ප්‍රවාහය වැඩි වීම සහ දැනුවත්භාවය තියුණු කිරීම නිසා ඔබට කායික හා මානසික ක්‍රියා ඉහළ මට්ටමකින් ඉටු කිරීමට හැකි වනු ඇත. ඔබ වඩා කාර්යක්ෂම ව හොඳින් වැඩකටයුතු කරන විට කරන විට, එය ඔබ කරන රැකියාවට හෝ කර්මාන්තයට ද දිගුකාලීන ව ලැබෙන අමතර ප්‍රතිලාභයක් වනු ඇත.

චර්යාවන් සමතුලිත කිරීමට

ජෛව තාක්‍ෂණ තොරතුරු සඳහා වන ජාතික මධ්‍යස්ථානයේ අධ්‍යයනයකට අනුව, සෞඛ්‍ය සම්පන්න පුද්ගලයින් රෝගාබාධ හේතුවෙන් රැකියාව මග හැරීමට ඇති ඉඩකඩ ඉතා අඩු ය. පර්යේෂකයන්ට අනුව අවම වශයෙන් සතියකට තුන් වතාවක් ව්‍යායාම හා ශාරීරික ක්‍රියාකාරකම්වල යෙදීමෙන් සේවකයින් අසනීප නිසා රැකියාවෙන් බැහැර ව සිටින කාලය අඩු කරන බවයි.

සෞඛ්‍ය සඳහා දැරිය යුතු වියදම් අඩු වනු ඇත

අසනීප වන දින ගණන වැඩිවීමත් සමග ඔබේ වෛද්‍ය සහ සෞඛ්‍ය සේවා වියදම් ද ඉහළ යයි. තරබාරු පුද්ගලයින් සඳහා වෛද්‍ය ප්‍රතිකාර සඳහා වැය වන මුදල නිරෝගී බරැති වැඩිහිටියන් සඳහා වන පිරිවැයට වඩා සියයට 40කින් පමණ වැඩි ය. ඔබේ සෞඛ්‍යය සහ යෝග්‍යතාවය සඳහා ආයෝජනය කිරීමෙන් ඔබට රෝහල් වෙත පැමිණීම, ඒ සඳහා වන වියදම් සහ ඖෂධ සඳහා යන වියදම් අඩු කිරීමෙන් දිගු කාලීන ව ඔබේ මුදල් ඉතිරි කර ගත හැකි ය.

ලිපියේ සාරාංශය

Exercise Such a Great Investment

ඔබ නිරන්තරයෙන් ශාරීරික ව්‍යායාම කරන්නේ නම්, එයින් කෙටි, මධ්‍ය සහ දිගු කාලීන වශයෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට හැකි වනු ඇත. කුඩා කාලයේ දී ම දරුවන්ට ව්‍යායාම කිරීමට හුරු කිරීම ඔවුන් ගේ කායික හා මානසික සෞඛ්‍යයට සහ යහපැවැත්මට ඉතා වැදගත් වේ. ජීවිත කාලය පුරාවටම උසස් මට්ටමකින් ක්‍රියා කිරීමට කෙනෙකුගේ ශරීරය සහ මනස පුහුණු කිරීම ඉතා වැදගත් අංගයකි. ඔබේ සෞඛ්‍යය වෙනුවෙන් ආයෝජනය කිරීමට සහ ඔබේ දරුවා ද එ සේ කිරීමට දිරිමත් කිරීමට කාලය එළඹ ඇත.

Eser Marketing International ව්‍යායාම යන්ත්‍ර සහ උපකරණ සඳහා හොඳ ම මිලක් ලබා දෙයි. නිවසේ සිට හෝ වාණිජ සහ එළිමහන් අවශ්‍යතා සඳහා උසස් ම තත්ත්වයේ ව්‍යායාම් උපකරණ සැපයීම සම්බන්ධයෙන් අප දිවයිනේ ප්‍රමුඛතම සන්නාමය වේ.

Eser Marketing International – Latest Product Range