ව්‍යායාම සඳහා උපකාරී වන හොඳ ම ජංගම දුරකථන යෙදවුම් – 2022

Back to Blog
ව්‍යායාම සඳහා හොඳ ම ජංගම දුරකථන යෙදවුම්

ව්‍යායාම සඳහා උපකාරී වන හොඳ ම ජංගම දුරකථන යෙදවුම් – 2022

හැඳින්වීම: ව්‍යායාම සඳහා හොඳ ම ජංගම දුරකථන යෙදවුම්

COVID-19 හේතුවෙන්, අප බොහෝ දෙනෙක් නිවසේ සිට ම ව්‍යායාමවල නිරත වීම ට යොමුකරවා ඇත. වසංගතයෙන් ද ආරක්ෂා වෙමින් අප ගේ නිවසේ විසිත්ත කාමරවල, ඉහල මහලේ හෝ බිම් මහලේ (basements) සිට ව්‍යායාම කිරීමෙන් බොහෝ ප්‍රතිලාභ ලද හැකි ය. ඔබට නිවසේ සිට ව්‍යායාමයන් හි යෙදීමේ දී ව්‍යායාම සඳහා අවශ්‍ය උපකරණය නොමැති වීම හා ව්‍යායාම සඳහා මානසික උත්තේජනයක් (motivation) නො ලැබීම බරපතල අඩුපාඩුවක් ලෙස පෙන්වා දිය හැකි ය. බොහෝ දුරට, ව්‍යායාම ජංගම යෙදුමක් භාවිත කිරීමෙන් මෙම ගැටළුව විසඳිය හැකි ය. නිවසේ දී යෝග්‍යතා ව්‍යායම සිදු කිරීමට උපකාරී වන හොඳ ම ජංගම දුරකථන යෙදවුම් (mobile apps) 05ක් සහ ඒවා ක්‍රියා කරන ආකාරය මෙම ලිපියෙන් විමසා බලමු.

Peloton

Peloton, සමගම, spin bikes සඳහා වඩාත් ප්‍රසිද්ධ ය. ඔබට Peloton spin bike යන්ත්‍රයක් නොමැති වුව ද, Peloton ජංගම දුරකථන යෙදවුම ව්‍යායාම සඳහා භාවිතා කල හැකි ය.

ඔබ නිවසේ සිට සුවපහසුවෙන් ව්‍යායාම කිරීමට, Peloton හි ජංගම දුරකථන යෙදවුම ඵලදායී වන්නේ කෙසේ දැ යි තවදුරටත් විමසා බලමු. බොහොමයක් දෙනා සජීවී පන්තියකට සහභාගී වීමෙන් ලැබෙන අත්දැකීම් ප්‍රිය කරයි. එයට ප්‍රධානතම හේතුව ලෙස මානසික අභිප්‍රේරණය හැඳින්විය හැකි ය. ව්‍යායාමයන් හි නිශ්චිත ඉලක්ක සපුරා ගැනීමට උපකාර කිරීම සඳහා, Peloton විවිධ මාර්ගෝපදේශ පුහුණු වැඩසටහන් ඉදිරිපත් කරයි. Peloton හි live studio, on-demand programs සහ boot camps ඇතුළු බොහෝ වැඩසටහන් මසකට ඩොලර් 12.99 වැනි මුදලකට ලබා ගත හැකි ය.

ඇවිදීම, දිවීම වැනි එළිමහන් ක්‍රියාකාරකම් සඳහා ද ඔබට මෙම යෙදවුම භාවිත කළ හැකි ය. ඔබට Peloton spin bike උපාකරණයක් තිබේ නම්, ඔබට යෙදවුමේ ඇති සියලු ම විශේෂාංග භාවිත කළ හැකි ය.

JEFIT

වඩාත් ජනප්‍රිය ව්‍යායාම යෙදුම්වලින් එකක් වන JEFIT පරිශීලකයින් මිලියන අටකට වඩා ඇත. එහි අපූරු ව්‍යායම ක්‍රියාකාරකම් සහ පුහුණු පුස්තකාලයක් ද ඇත. ආරම්භකයින්ට නිසි ආකෘතියක් ඔස්සේ ඉගෙන ගෙන නිවසේ සිට ව්‍යායාම ලබා ගත හැකි අතර ව්‍යායාම සැලසුම් කිරීමට සහ ප්‍රගතිය මැනීමට එය භාවිත කළ හැකි ය. මෙය සියලු මට්ටම්වල පරිශීලකයින් සඳහා යෝග්‍යතම ශාරීරික ව්‍යායාම යෙදවුමක් බව කිව හැකි ය.

නොමිලේ ව්‍යායාම අභ්‍යාසයන් පිලිබඳ විස්තර විශාල ප්‍රමාණයක් JEFIT යෙදවුම මගින් ලබා ගත හැකි වීම මෙහි ඇති විශේෂත්වයක් ලෙස සැලකිය හැකි ය.

JEFIT Elite හි තවත් පුහුණු අභ්‍යාසයන්, HD වීඩියෝ සහ සම්පූර්ණ දත්ත පරිශීලනය කල හැකි ය. වෙළඳ දැන්වීම්වලින් තොර ව JEFIT Elite භාවිත කල හැකි ය. මසකට $6.99 හෝ වාර්ෂික ව ගෙවන්නේ නම් මාසිකව $3.33 වැනි අගයකින් ඔබට Elite subscription එක ලබාගත හැකි ය. JEFIT වෙබ් බ්‍රවුසරයකින් ද භාවිතා කළ හැකි ය.

JEFIT යෙදවුම වඩාත් නවීන මුහුණුවරක් භාවිත කරන අතර ඔබේ මුදල් සඳහා ඔබට ලැබෙන වටිනාකම ගැන කිසිඳු අවිශ්වාසයක් තබා ගැනීමට අවශ්‍ය වන්නේ නැති බව කිව හැකි ය.

Strava

ශාරීරික යෝග්‍යතාවය සම්බන්ධයෙන් ගත් කල, Strava ඔබට හොඳ ම විකල්පය විය හැකි ය. මෙම යෙදවුම මගින් යෝග්‍යතා ඉලක්ක සපුරා ගැනීමට දායක කරගත හැකි ය. Strava සමගින්, ඔබට ව්‍යායාම අභියෝගවලට (workout challenges) සම්බන්ධ වීමට, ඔබේ ව්‍යායාමවල පින්තූර සහ වීඩියෝ upload කර මිතුරන් අතර share කිරීමට සහ ඔබේ මිතුරන් සිදු කරන ව්‍යායාම නිරීක්ෂණය කිරීමට පවා හැකියාව ඇත. Tracking distance, වේගය සහ විඳදරාගැනීමේ මට්ටම වැනි දෑ මෙම යෙදවුමේ ද අන්තර්ගත අත්‍යවශ්‍ය කරුණු කිහිපයකි.

Nike Training Club (NTC)

මෙම යෙදවුම මගින් සෑම විට ම නිවසේ දී ව්‍යායාම සිදු කිරීමට උත්තේජනයක් ලබා දෙන ආකාරයෙන් නව ව්‍යායාම පුහුණු කිරීමේ ක්‍රම සහ වැඩසටහන් නිරන්තරයෙන් යාවත්කාලීන කරනු ලබයි. Covid-19 වසංගතය ආරම්භයේ දී Nike Training Club App හි මාර්ගෝපදේශන නොමිලේ ලබා දුන් අතර Aerobics ව්‍යයාමවල සිට Yoga දක්වා ඕනෑ ම දෙයක් ඇතුළත් වන වැඩසටහන් දැනට 500කට අසන්න ප්‍රමාණයක් අන්තර්ගත ව ඇත.

එහි Premium සාමාජිකත්වය සමගින්, Nike Training Club App හි පරිශීලකයින්ට එහි ඇති Premium මට්ටමේ ව්‍යායාම, පුහුණු සැලසුම්, සෞඛ්‍ය නිර්දේශ සහ මාර්ගෝපදේශ සඳහා ප්‍රවේශය ලබා ගත හැකි ය. වසංගතය අතරතුර, පාරිභෝගිකයින්ට ඔවුන්ගේ ම නිවෙස්වල සුවපහසුවකින් නිරෝගී ව සිටීමට ඉඩ සැලසීම සඳහා Nike එ හි ඇතැම් Premium විශේෂාංග නොමිලයේ ම ලබා දීමට ද තීරණය කර තිබුණි.

Nike Training Club App හි ඉතා පරිශීලක-හිතකාමී user interface (UI) එකක් ඇති නිසා එය තවත් පහසුවක් වනු ඇත. ව්‍යායයමවලට අවධානය යොමුකරමින් ව්‍යායාමයන් හි නිරත වන විට වුවද Nike Training Club app එක පහසුවෙන් පරිශීලනය කිරීමට ඔබට හැකි ය. ඔබ ප්‍රථමයෙන් app එක මත ලියාපදිංචි (register) වූ විට ඔබේ ඉලක්ක මොනවා දැ යි විමසා සිටින අතර, එම ඉලක්ක සපුරා ගැනීමේ ක්‍රියාවලිය වෙත මග පෙන්වයි.

Adidas Training and Running by Runtastic

“Adidas Training සහ Running App by Runtastic” යනු තවත් විශිෂ්ට ව්‍යායාම යෙදවුමකි. මෙමගින් තනිව ම ව්‍යායාම කිරීමට වඩා එක් ව ව්‍යායාම කිරීම, දිවීම වැනි අභ්‍යාස කිරීම වඩාත් විනෝදජනක ලෙස කල හැකි වනු ඇත. මීට අමතර ව තවත් බොහෝ සාධක නිසා Runtastic මිලියන ගණනක් මේ වන විටත් බාගත කර පරිශීලනය කරනු ලබන ව්‍යායාම සඳහා ජනප්‍රිය ම යෙදවුමක් ලෙස නම් කල හැකි ය.

ඔබේ ව්‍යායාමයෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට ඔබට උදවු කිරීමට, Adidas Runtastic විසින් “Story Runs” වැඩසටහන් නිෂ්පාදනය කර ඇත. ව්‍යායාම කිරීම සඳහා පොළඹවන වැඩසටහන් සහ සාමාජිකයින්ගේ එකතුවක් තිබීම ද Runtastic හි විශිෂ්ට අංගයක් ලෙස කිව හැකි ය.

Runtastic සමාජය (Runtastic community) තුලින්, ඔබට අත්දැකීම් බහුල දිගු කලක් ව්‍යායාමයන් හි නිරත වන අන් අයගෙන් බොහෝ දෑ ඉගෙන ගැනීමට හැකි වනු ඇත. ඒ මගින් ව්‍යායාම සිදුකරන විට ඔබට ඇතිවන ගැටළු නිරාකරණය කරගනිමින් මනස ගැටළුවලින් ඉවත් කර ව්‍යායාමයන් ඉදිරියට සිදු කරගෙන යාමට ඔබව පොළඹවයි.

Adidas Runtastic හි Free සහ Premium plans යන දෙක ම ඇත. මාසික දායකත්වය සඳහා ඩොලර් 9.99 ක් වැය වන අතර වාර්ෂික දායකත්වය ඩොලර් 49.99 කි.

Adidas Training App:

Adidas Running App:

ලිපියේ සාරාංශය

Top 05 Home Workout Mobile Apps

ඔබට වඩාත් ගැලපෙන ව්‍යායාම යෙදවුම තීරණය කිරීම සහ ව්‍යායාමයන් හි නිරත වීම ආරම්භ කිරීම දැන් ඔබට භාරයි. ඔබට ප්‍රතිඵල දැකීමට අවශ්‍ය නම්, ඔබ කළ යුතු එකම දෙය වන්නේ නිරන්තර ව ව්‍යායාමයන් හි යෙදීම සහ දිගටම ව්‍යායාමයන් හි නිරතවන ප්‍රමාණය වැඩිදියුණු කිරීමයි. ඒ සඳහා ඉහත සඳහන් කල යෙදවුම් 5න් ඔබට සුදුසු ම යෙදවුම භාවිත කිරීමෙන් වඩාත් ප්‍රතිඵල දායක ක්‍රියාවලියක නිරත වීමට ඔබට හැකියාව ලැබෙනු ඇත.

Eser Marketing International වෙතින් නිවසේ ව්‍යායාම සඳහා අවශ්‍ය උසස් ම තත්ත්වයේ යෝග්‍යතා උපකරණ මිල දී ගත හැකි ය. Eser Marketing International ඔබට විශ්වාසදායක උපකරණ ගෙන ඒම සඳහා ලෝකයේ වඩාත් ම ප්‍රකට යෝග්‍යතා සන්නාම සමග එක් ව කටයුතු කරනු ලබයි.

Read this article in english

Share this post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to Blog
has been added to your cart.
Checkout